Strawberry mix hopper - ස්ට්‍රෝබෙරි මිශ්‍ර ආප්ප


ඔයාලා ස්ට්‍රෝබෙරි කාල තිබුණාට ස්ට්‍රෝබෙරි මිශ්‍ර කළ ආප්ප නම් කාලා නැහැ නේද? වෙනස් රසයක් වගේම ලස්සන වර්ණයක් ලබාදෙන ස්ට්‍රෝබෙරි ආප්ප පුංචි දරුවකුගේ උපන් දින සාදයකදී සංග්‍රහයට අගෙයි.


අවශ්‍ය ද්‍රව්‍ය

සකසා ගත් ආප්ප පිටි මිශ්‍රණයක්
ස්ටෙ‍්‍රීබෙරි ගෙඩි කිහිපයක්
ලුණු (රස අනුව)

 සාදන ක්‍රමය

මිටිකිරිවලට ස්ට්‍රෝබෙරි ගෙඩි එක්කර හොඳින් බ්ලෙන්ඩ්කර ගන්න. දැන් මෙම මිටිකිරි එක්කර ගනිමින් පදමට ආප්ප පිටි මිශ්‍රණය අනාගන්න. දැන් අනාගත් ආප්ප පිටි මිශ්‍රණය රෝස පාටින් දිස්වේවි. රත්වූ තාච්චියෙහි තල තෙල් ටිකක් අතුල්ලා පිටි මිශ්‍රණයෙන් ටික බැගින් එක්කර ගනිමින් සාමාන්‍ය ක්‍රමයට ආප්ප සකසාගන්න. රෝස පාට ආප්ප කන්නට පොඩිත්තෝ ගොඩක් ආස වේවි.

No comments:

Post a Comment