ඌරු මස් Pork lion


ඉතාලි ජාතිකයන් සුදු වයින් මිශ්‍ර කරලා හදන ඌරු මස් එක අපිටලෙමන් හෝ දොඩම් යුෂ මිශ්‍රකර  ඒ රසයටම සකසා ගන්න පුළුවනි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය



  • ඌරු මස් ග්‍රෑම් 800 ක් (ඔබට කැමැති ප්‍රමාණයක මස් කුට්ටියක් ලෙසින් ගන්න.)
  • ග්‍රේට් කරගත් දොඩම් ගෙඩි දෙකක පොත්ත 
  • එම දොඩම් ගෙඩි දෙකේම යුෂ 
  • කුකිං ක්‍රීම්, හේවි ක්‍රිම්, ඩබල් ක්‍රීම් මේ කුමන හෝ වර්ගයකින් කෝප්ප 01 ක් 
  • ජලය කෝප්පයක් 
  • රස අනුව ලුණු
  • හීනියට කපාගත් කොත්තමල්ලි කොළ ටිකක් 
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 01 ක් 
  • මිරිස් කුඩු තේ හැඳි 01 ක් 
  • සුදුලූනු බික් 03 ක් (හීනියට කපා)
  • සිහින්ව කැපූ ලොකු ලූනු ගෙඩි 1/2 ක් 
  • ඔලිව් තෙල් මේස හැඳි 02 ක්



සාදන ක්‍රමය 

ග්‍රේට් කරගත් දොඩම් පොත්ත, ගම්මිරිස්, ලුණු, මිරිස් කුඩු, කොත්තමල්ලි කොළ මේ සියල්ල කලවම්කර එය මස් කුට්ටියේ හොඳින් ගාගන්න.
තරමක උස බඳුනක් ගෙන එය ළිප තබා ඔලිව් තෙල් මේස හැඳි දෙකක් දමන්න.
තෙල් රත් වූ පසු මස් කැබැල්ල දමා පැති හතරම වරින් වර හරවමින් එක් පැත්තක් විනාඩි 08 බැගින් වෙන්නට තෙලෙන් තැම්බෙන්න හරින්න.
ඒ අතරතුර හීනියට කපාගත් ලූනු, සුදුලූනු එකතු කරන්න. මෙහිදී තද ගින්දර නොයෙදීමට වගබලා ගතයුතු අතර එසේ වුවහොත් තෙල් කළුවීමට ඉඩ තිබේ.
මෙලෙස බැදගත් මස් එකට කුකිං ක්‍රීම්, දොඩම් යුෂ, ජලය සහ රස අනුව ලුණු ද එකතු කරන්න. මේ සියල්ල එකතු වනවිට මස් එකෙන් බාගයක්ම වැසී ඇති. මේ විදිහට එක් පැත්තක් විනාඩි 20 බැගින් දෙපැත්ත හරවමින් හොඳ හැටි පිස ගන්න. මේ සමඟ හැදෙන සෝස් එකත් සමඟම ආහාරයට ගත හැකියි.

No comments:

Post a Comment