බත් සලාද Insalata di riso


ඉතාලි ජාතිකයන්ගේ ප්‍රධාන ආහාරයක් තමයි සලාද.
මේ සලාදවලට එළවළු විතරක් නෙමෙයි බත්, පාස්තා ආදියත් එකතු කරලා ගුණයෙන් සපිරි ආහාරයක් විදිහට තමයි එයාලා සකසා ගන්නේ. මේ ඒ විදිහට ඉතාලියේ හදන රස ගුණ පිරි බත් සලාදයක්.

අවශ්‍ය ද්‍රව්‍ය 

හාල් ග්‍රෑම් 500 ක්
බේකන් ග්‍රෑම් 200 ක් (නැතිනම් ඔබ
කැමැති මස් වර්ගයක් භාවිත
කරන්න)
තම්බාගත් කැරට් අල 02 ක්
චීස් ග්‍රෑම් 50 ක්
ඔලිව් ගෙඩි 10 ක් පමණ (ටින් කළ)
බෙල් පෙපර් ගෙඩි 1/2 ක්
ස්වීට් කෝන් ටින් 01 ක්
ගී‍්‍රන් පීස් ටින් 01 ක්
පොඩි ටූනා සැමන් ටින් 02 ක්
ඔලිව් තෙල් මේස හැඳි 04 ක්
ලෙමන් ගෙඩියක යුෂ
රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු

සාදන්නේ මෙහෙමයි 

පළමුවෙන්ම සහල් සෝදා බත පිසගන්න. මස් හෝ බේකන් කුඩා කැබලිවලට කපා තෙලෙහි බැදගන්න. චීස්, තම්බාගත් කැරට්, බෙල් පෙපර්, ඔලිව් ගෙඩි මේ සියල්ල කුඩාවට කපාගන්න.
දැන් තරමක් ලොකු බඳුනක් ගෙන එයට ඔලිව් තෙල් සහ ලෙමන් යුෂ කෝප්ප 3/4 ක් පමණ එකතු කරන්න. රස අනුව ලුණු සහ ගම්මිරිස් ද දමා පිසගත් බත් ටික එකතු කරන්න. අනතුරුව කුඩාවට කපාගත් සියල්ලම ද ඊට දමන්න. ගී‍්‍රන් පීස්, ස්වීට් කෝන්, ටූනා සැමන් ආදියත් එකතුකර හොඳින් කලවම් කරගන්න.
ඔබ කැමැති නම් තම්බපු බිත්තර, වෙනත් මස් වර්ග, බ්‍රොකොලි, ගෝවා, මොසරැල්ලා චීස් වාගේ දේවලුත් මේ සලාදයට එකතු කරල රස ගුණ වැඩි කරගන්න පුළුවනි.

No comments:

Post a Comment