Orange hopper - ඔරේන්ජ් ආප්ප


දොඩම් පානයක මිහිරි රසය ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. කොහොමද කිරි රසයෙන් පිරුණු ආප්පවලට දොඩම් රසයත් මුසු කළොත්. දොඩම් රේණුවක පැහැයත් දොඩම් යුෂයේමිහිරි රසයත් මුසු වූ ඔරේන්ජ් ආප්ප හදලාම රස විඳිමු.

 අවශ්‍ය ද්‍රව්‍ය

සකසා ගත් ආප්ප පිටි මිශ්‍රණයක්
කහ පාට දොඩම් ගෙඩි 2 ක යුෂ
ලුණු (රස අනුව)

 සාදන ක්‍රමය

මුලින් ක්‍රමයට ආප්ප පිටි මිශ්‍රණය සකසා දෙවැනි වරට මිටිකිරි දමා සකස් කරන අවස්ථාවේ ලුණු සමඟ දොඩම් යුෂ ද එක්කර අනාගන්න. ඉන්පසු වෙනදා ආප්ප සාදන ආකාරයටම ආප්ප සාදාගන්න. කහ පාටින් හා දොඩම් රසයෙන් පිරුණු ආප්ප වෙනසක් කැමැති ඔබට අගෙයි. මේ ආකාරයටම ඉදුණු අලිපේර යුෂ එක් කිරීමෙන් කොළ පාට අලිපේර රසැති ආප්ප සාදන්නට පුළුවනි.

No comments:

Post a Comment