පෑන් කේක් විත් ඔරෙන්ජ් සෝස් - Orange sauce pancakes


ලොකු කුඩා කා හටත් පෑන් කේක් එකක රසෙහි නම් අමුත්තක් නැහැ. පෑන් කේක් බොහෝ විට තේ මේසේට ගෘහණිය අතින් නොවැරදීම එක් වන්නක්. මෙදා නම් පෑන් කේක් කන්න තියෙන්නේ ඔරෙන්ජ් සෝස් එක්ක. මේ කෑම වට්ටෝරුවේ තියෙන විශේෂත්වයත් ඒකමයි.

පළමුව පෑන් එක සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය සහ එය සාදන අන්දම බලමු.

පිටි ග්‍රෑම් 150 ක්
බිත්තරයක්
ලුණු ස්වල්පයක්
කිරි මිලි ලීටර් 300 ක්
වැනිලා ස්වල්පයක්
සීනි ග්‍රෑම් 15 ක්
බටර් ග්‍රෑම් 20 ක්


මෙහෙම හදමු.

පිටි, සීනි, ලුණු හොඳින් මිශ්‍ර කර කිරි දමා දියකර අවසානයේ දියකර ගත් බටර් එක් කරන්න. ඉහත මිශ්‍රණයෙන් පෑන් කේක් සකස් කරගන්න.

 ඔරෙන්ජ් සෝස් තරමක අලුත් අත්දැකීමක්.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය.
සීනි ග්‍රෑම් 200 ක්
වතුර අඬු කෝප්ප 1/4 ක්
බටර් ග්‍රෑම් 100 ක්
දොඩම් යුෂ හෝ ජූස් ග්‍රෑම් 100 ක්

මෙහෙම හදමු

වතුර ළිප තබා කැරමල් වනතුරු (රන්වන් පැහැ වනතෙක්) උණු කරගත් සීනි මිශ්‍රණයට බටර් දමා හොඳින් දියකර අවසානයේ දොඩම් යුෂ එක්කර හොඳින් මිශ්‍ර කරගන්න.
ඉහත සකස් කරගත් පෑන් කේක් කැමති අන්දමට අසුරා ඔරෙන්ජ් සෝස් එකතු කරගන්න.

No comments:

Post a Comment