Eggless cake - එග්ලස් කේක් (බිත්තර නැති කේක්)


කේක් කියන වචනයත් බිත්තර කියන වචනයත් වෙන් නොවන තැනට තිබුණු කාලයක් තිබුණා. බිත්තර දාලා හදන කේක් වගේම බිත්තර නොදා හදන කේක්වලත් රසේ අඩුවක් නැහැ. සෞඛ්‍යය ගැන වැඩි වැඩියෙන් හිතන පවුලක ගෘහණියට බිත්තර නොදාත් කේක් හදතැහැකි.

මේ සඳහා අවශ්‍ය වෙන්නේ

පිටි හා සීනි ග්‍රෑම් 400 බැගින් - කොකෝ පවුඩර් ග්‍රෑම් 35 ක්
බේකිං සෝඩා ග්‍රෑම් 5 ක් - ලුණු ග්‍රෑම් 5 ක්
තෙල් ග්‍රෑම් 150 ක් - විනාකිරි මිලිලීටර් 30 ක්
වතුර මිලිලීටර් 475 ක්

එග්ලස් චොක්ලට් කේක් එකකුයි අපි මේ හදන්නේ

පිටි, කොකෝ පවුඩර්, බේකිං සෝඩා එකට මිශ්‍රකර ඇල්වතුර, විනාකිරි, ලුණු හොඳින් කලවම් කරන්න. පළමුවෙන් මිශ්‍රකර ගත් පිටි මිශ්‍රණය ස්වල්පය බැගින් වතුරට දමා හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසුව තෙල්, පිටි මිශ්‍රණයට එක්කර හොඳින් කලවම් කරගන්න. සුදුසු තැටියකට තෙල් කොළයක් දමා එයට කේක් මිශ්‍රණය එක්කොට අංශක 160 උෂ්ණත්වයට මිනිත්තු 30 ක් පමණ බේක් කරන්න.

No comments:

Post a Comment