Grilled Stonefish - ග්‍රිල් කළ ගල්මාළුවා


දකුණේ මිනිසුන්ට කරදියේ වෙසෙන මාළුන්ගෙන් අඩුවක් නැහැ. ඒ නිසයි රසට මාළු කන්න නම් දකුණේ විදිහට හදන්න ඕනෙ කියන්නේ.

මේ සඳහා අවශ්‍ය වෙන්නේ

ග්‍රෑම් 400 ක පමණ ගල් මාළුවෙක්
මැද පිරවුම සඳහා
කැරට්, ලීක්ස්, තක්කාලි
ග්‍රෑම් 50 බැගින්
සේර ග්‍රෑම් 5 ක්
දෙහි ගෙඩි 2 ක්
ලුණු රස අනුව
කෑලි ගම්මිරිස්
ග්‍රෑම් 5 ක්
කහ කුඩු
ග්‍රෑම් 2 ක්
රම්පේ, කරපිංචා

මෙහෙම හදමු

ගල්මාළුවා දෙකට පලා මැද කටුව ඉවත් කරගන්න. කැරට්, ලීක්ස්, තක්කාලි යනාදිය කුඩාවට කොටු හැඩයට කපාගෙන ලුණු, කහ, රම්පේ, කරපිංචා, කෑලි ගම්මිරිස් හොඳින් කලවම් කොට මාළුවාගේ ඇතුළට දමා මාළුවා කෙසෙල් කොළයක ඔතා නූලකින් ගැට ගසා අවන් එකේ විනාඩි 20 ක් පමණ සෙල්සියස් අංශක 150 ක උෂ්ණත්වයට බේක් කරගන්න. අවන් එකක් නොමැති නම් හට්ටියකට මාළුවා දමා තවත් හට්ටියකින් වසා විනාඩි 10 න් 10 දෙපැත්ත මාරු කරමින් විනාඩි 20 ක් පමණ මද ගින්දරේ තබන්න.
සාදයක් වැනි අවස්ථාවක නම් මෙවැනි ගි‍්‍රල් කරගත් මාළුවෙක් කදිමයි.

No comments:

Post a Comment