Cheese mix hopper - චීස් මිශ්‍ර ආප්ප


කෑම කවාගන්න අමාරු පොඩිත්තන්ට චීස් මිශ්‍ර ආප්ප බොහොම අගෙයි.

 චීස් රසයට කිරි රසය එක් වුණාම අපූරු රසයක් මතුවෙනවා. මේ පි‍්‍රයමනාප රසය විඳින්නට ඕනෙ නම් ඔයාලත් චීස් ආප්ප හදලම බලන්නකෝ.

අවශ්‍ය ද්‍රව්‍ය

සකසා ගත් ආප්ප පිටි මිශ්‍රණයක්
චීස් ග්‍රෑම් 200 ක්
ලුණු ස්වල්පයක්

 සාදන ක්‍රමය

චීස් ටික සිහින්ව ගා ගෙන පසෙකින් තබන්න. ආප්ප පිටි මිශ්‍රණය ලුණු එක්කර පදමට අනාගන්න. රත්වූ තාච්චියට ආප්ප පිටි හැන්දක් දමා වටේට කරකවන්න. එහි මැදට ගා ගත් චීස්වලින් ටිකක් දමා පියනෙන් වසා තැම්බෙන්නට හරින්න. පිළිගන්වන අවස්ථාවේ කට්ට සම්බෝල හෝ සීනි සම්බෝල සමඟ පිළිගන්වන්න.

No comments:

Post a Comment