ඉතාලි ක්‍රමයට හැදූ කුකුළු මස්


කුකුළු මස් නම් අපේ රටේ දකින්නට ලැබෙන සුලබම කෑමක්. ඒත් මේ තියෙන්නෙ ඉතාලි විදිහට කුකුළු මස් උයන ආකාරයයි.ඒ රටේ නම් ඔලිව් තෙල්, ඔලිව් ගෙඩි වාගේ දේවල් මේ සඳහා යොදා ගත්තත් අපේ රටේ දේවල් යොදල මේක සකසා ගන්න පුළුවනි.

අවශ්‍ය ද්‍රව්‍ය 


  • කුකුළු මස් කිලෝ ග්‍රෑම් 01 ක් 
  • ඔලිව් තෙල් මේස  හැඳි 03 ක් 
  • තළාගත් සුදුලූනු බික් 03 ක් 
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 01 ක් 
  • මිරිස් කුඩු තේ හැඳි 01 ක් 
  • හීනියට කපාගත් කොත්තමල්ලි හෝ පාස්ලි කොළ මේස හැඳි 02 ක් 
  • රස අනුව ලුණු 
  • ලොකු ලූනු ගෙඩි 02 ක් 
  • තක්කාලි ගෙඩි 02 ක් 
  • ඔලිව් ගෙඩි කිහිපයක් 


සාදන ක්‍රමය 

කුකුළු මස් කපා සෝදා පිරිසුදුකර තෙත බේරාගන්න. එයටම තළාගත් සුදුලූනු, ඔලිව් තෙල්, ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු, කොත්තමල්ලි කොළ ආදිය දමා කුකුළු මස්වල හොඳින් දැවටෙන්නට අතගා පැය 03 ක් පමණ තබන්න.

පැය තුනකට පසු තරමක් විශාල බඳුනක් ළිප තබා ඒ මත කුකුළු මස් කැබලි අතුරන්න. මස් අත ගා තිබ්බ බඳුනේ රැඳුණු සියල්ල ද ඊට දමන්න. දැන් පියනකින් බඳුන වසා මඳ ගින්දරේ මස් ටික තැම්බෙන්නට හරින්න. ඒ අතරේ ලූනු සහ තක්කාලි ද පොඩියට කපා එයට එකතු කරන්න.

මස් දෙපැත්ත හරවමින් තැම්බෙන්නට හරින්න. ටික වේලාවකින් හැන්දෙන් තද කරමින් තක්කාලි සහ ලූනු හොඳින් පොඩි කරගන්න. දැන් ඔබට ඔලිව් ගෙඩි එකතු කරනවා නම් ඒවා ද එකතුකර මඳ ගින්නේ පිසගත හැකියි.

තක්කාලි, ලූනු හොඳින් තැම්බී මස් එකේ උනන වතුර සමඟින් හැදෙන සෝස් එක මේ මස්වලට උරාගන්නා තුරු මෙය පිස ගැනීම ප්‍රමාණවත්. මෙය පිස ගැනීමට ඔලිව් තෙල්, ඔලිව් ගෙඩි අවශ්‍යම නැහැ. ඒ වෙනුවට පොල්තෙල් භාවිත කරන්න.

No comments:

Post a Comment