රස දෙකක් එකතුකර සෑදු පාස්තා italian pasta with two taste


මේ රටේ ප්‍රධාන ආහාර අතර පාස්තාවලට හිමිවන්නේ ප්‍රමුඛත්වයකි. විවිධ හැඩයට, විවිධ රසයට ගුණයට හදන මේ පාස්තා හරිම රසයි. මේ තියෙන්නෙ රස දෙකක් එකතුකරල ඉතාලියේ හදන රසම රස පාස්තා එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය 


  • පාස්තා ග්‍රෑම් 400 ක් 
  • කැරට් අල 02 ක් 
  • ලොකු ලුණු ගෙඩියක් 
  • සුදුලූනු බික් 03 ක් 
  • රතු බෙල් පෙපර් ගෙඩි 1/2 ක් 
  • පාස්ලි හෝ කොත්තමල්ලි කොළ ටිකක් 
  • කොළ පැහැති මාළු මිරිස් කරලක් 
  • නැවුම් කිරි කෝප්ප 02 ක් 
  • පාන් පිටි මේස හැඳි 02 ක් 
  • බටර් හෝ මාගරින් මේස හැඳි 04 ක් 
  • පැණි රස නැති තක්කාලි සෝස් 
  • කෝප්ප 02 ක් 
  • රස අනුව ලුණු, ගම්මිරිස් සහ
  • මිරිස් කුඩු



සාදන ක්‍රමය 

ප්‍රථමයෙන්ම පාස්තා ටික තම්බාගන්න. ඒ උණු වතුරට ලුණු සහ තෙල් මේස හැඳි 02 ක් එකතු කරන්න. එය තම්බා වතුර පෙරා පසෙකින් තියන්න.
වෙනත් බඳුනක් ළිප තබා බටර් මේස හැඳි 02 ක් එයට දමන්න. මෙය රත් වීගෙන එනවිට පිටි මේස හැඳි 02 ක් එකතු කරන්න. අනතුරුව කිරි කෝප්ප දෙක ද එකතුකර රස අනුව ලුණු ද මිශ්‍රකර මඳ ගින්දරේ පිසගන්න. එයට හීනියට කපාගත් පාස්ලි හෝ කොත්තමල්ලි කොළ ටිකකුත් දමන්න. ටික වේලාවකින් කිරි මිශ්‍රණය
ඝන වෙමින් එන බව ඔබට පෙනෙන විට බඳුන ළිපෙන් ඉවතට ගන්න.
දැන් අපි තවත් සෝස් එකක් සාදාගත යුතුයි. ඒ සඳහා වෙනත් බඳුනකට බටර් මේස හැඳි දෙකක් දමන්න. එය රත්වීගෙන එනවිට සුදුලූනු සහ ලියාගත් ලූනු එකතු කරන්න. ඒවා හොඳින් බැදුණු පසු හීනියට ලියාගත් පාස්ලි හෝ කොත්තමල්ලි කොළ සහ තක්කාලි සෝස් එකතු කරන්න. තව වතුර කෝප්ප 1/2 ක් ද දමන්න. ඉන්පසුව කැරට්, බෙල් පෙපර්, මාළු මිරිස් ආදිය ඊට එකතුකර පියනෙන් වසා විනාඩි 10 ක් පමණ මඳ ගින්දරේ පිසගන්න.
දැන් කලින් සාදා පසෙකින් තැබූ සුදුපාට සෝස් එක මෙයට කලවම්කර රස අනුව ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු එකතු කරන්න. අනතුරුව තම්බා පසෙකින් තැබූ පාස්තා ටික ද කලවම්කර චීස් පවුඩර් සමඟ රස බලන්න..

No comments:

Post a Comment