ඉතාලියේ ප්‍රසිද්ධ පීසා...


අවශ්‍ය ද්‍රව්‍ය 


  • පාන් පිටි ග්‍රෑම් 500 ක් 
  • ඊස්ට් ග්‍රෑම් 07 ක් 
  • සීනි තේ හැඳි 01 ක් 
  • රස අනුව ලුණු 
  • ඔලිව් තෙල් හෝ එළවළු තෙල් 
  • එළවළු, සොසේජස්, සැමන් හෝ සාදාගත් මස් වර්ගයක් 
  • මොසරැල්ල චීස් (ඔබට තිබෙන චීස් වර්ගයක් ග්‍රේට් කරලා ගන්න)


සාදාගන්නේ මෙහෙමයි 

මුලින්ම පිටි මෝලිය හදාගමු. ඒ සඳහා මඳ උණුසුම් ජලය කෝප්ප 1/2 ට සීනි තේ හැඳි 1 ක්, ඊස්ට් ග්‍රෑම් 7 ක් එක්ක එකතු කරලා දියකරගන්න. විනාඩි 5 ක් විතර තියන්න. ඔබට පෙනේවි ඊස්ට් ක්‍රියාකාරී නම් උඩට පෙණ ඇවිත් තියෙනවා. පිටිවලට රස අනුව ලුණු සහ ඔලිව් තෙල් මේස හැඳි 4 ක් එකතුකර සාදාගත් අර ඊස්ට් මිශ්‍රණය ද එකතු කරන්න.

දැන් මඳ උණුසුම් ජලය ටික ටික එකතු කරමින් හොඳින් පිටි එක අනාගන්න. සාදාගත් පිටි මෝලිය දෙගුණයක් තරමට පිපෙන්න පැයක් පමණ තැබිය යුතුය. ඊස්ට් ක්‍රියාකාරීත්වය හොඳ නම්, පිටි මෝලිය හොඳට ඇනුණා නම් පැය 1/2 ක් තිබුණාම ඇති. පිපුණු පිටි එක කොටස්වලට වෙන් කරලා රවුමක් වෙන්න හොඳට තුනී කරගන්න වටේ දාරයක් වගේ වෙන්න තියලා.

තුනී කරගත් පිටි රවුම උඩට තක්කාලි සෝස් (පැණි රස නැති) පොඩි හැන්දකින් වටේට විහිදෙන ආකාරයට එක් කරන්න. දැන් එයට උඩින් තමන් කැමැති විදියට සොසේජස්, සැමන්, එළවළු එකතු කරන්න. ඔබ කැමැති නම් උයාගත් මස් වර්ග වුවද එකතු කළ හැකියි.

සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් රත් කරගත් අවන් එකේ සාදාගත් මේ පීසා විනාඩි 10 ක් තියන්න. විනාඩි 10 කට පසු පිටතට ගෙන චීස් අතුරා නැවත විනාඩි 10 ක් පමණ බේක් කරගන්න. අවන් එකක් නැති අයට ලොකු පෑන් එකක තියලා මඳ ගින්දරේ පීසා හදාගන්නත් පුළුවනි.

No comments:

Post a Comment