Savary hopper - සේවරි ආප්ප


එළවළු මිශ්‍ර සේවරි ආප්ප රාත්‍රී කෑමට අගෙයි. පෝෂණ ගුණයෙන් ඉහළ වගේම කට්ට සම්බෝලයක්, කරියක් නැතිව වුණත් රස විඳින්නත් පුළුවනි.

අවශ්‍ය ද්‍රව්‍ය

සකසා ගත් ආප්ප පිටි මිශ්‍රණයක්
ලොකු ලූනු ගෙඩියක්
මාළු මිරිස් කරල් 2 ක්
තක්කාලි ගෙඩි 1 ක්
ලුණු (රස අනුව)
ගම්මිරිස් කුඩු ස්වල්පයක්

 සාදන ක්‍රමය

ලූනු, මාළුමිරිස්, තක්කාලි ඉතාමත් පුංචියට කොටු හැඩයට කපාගන්න.

මෙයට ලුණු, ගම්මිරිස් කුඩු එක්කර කලවම් කරගෙන එළවළු මිශ්‍රණයක් සාදා පසෙකින් තබන්න.

තෙල් ගා රත් කරගත් තාච්චියට ආප්ප පිටි මිශ්‍රණයෙන් හැන්දක් දමා වටේට කරකවන්න.

එහි මැදට සාදාගත් එළවළු මිශ්‍රණයෙන් ටිකක් විසිරී යන ආකාරයට දමා පියනෙන් වසා තැම්බෙන්න හරින්න. සුළු වේලාවක් ආප්පය පිළිස්සෙන්නට හැර ළිපෙන් ඉවත්කර ගන්න.

මෙම එළවළු මිශ්‍රණයට බිත්තර 2-3 ක් කඩා දමා ඔම්ලට් මිශ්‍රණයක් සාදා එය ආප්ප උයන විට ආප්පයේ මැදට එක් කිරීමෙන් සේවරි එග් ආප්ප සාදා ගැනීමට පුළුවනි.

No comments:

Post a Comment