Green chicken fries - කුකුළු මස් කොළ බැදුම


විශේෂ  අවස්ථාවකදී වරදින්නෙම නැති කුකුළු මස් ගමේ අම්මලාට වගේම තරුපහේ හෝටලයටත් නැතිවම බැරි දෙයක්. නිතර නිතර රසවිඳපු වගේම දැකපු ක්‍රමවලත් වඩා වෙනස් ක්‍රමයකට පිළියෙල කරන්නට ඇත්නම්.

අවශ්‍ය ද්‍රව්‍ය -

කටු ඉවත් කර කුඩාවට කපා ගත් කුකුළු මස් ග්‍රෑම් 500 ක්
රටලූනු එහෙමත් නැත්නම් බී ලූනු ග්‍රෑම් 50 ක්
සුදුලූනු ග්‍රෑම් 50 ක්
අමු ඉඟුරු ස්වල්පයක්
රම්පේ, කරපිංචා, කුරුඳු පොතු ස්වල්පයක්
ගම්මිරිස් හා කෑලි මිරිස් මේස හැඳි 2 බැගින්
කහ කුඩු ස්වල්පයක්
සෝයා සෝස් මේස හැඳි 2 ක්
කැමැති පලා වර්ගයකින් කොළ මිටක්

කුකුළු මස් කොළ බැදුම සාදන්නේ මෙහෙමයි.

 කුකුළු මස් සමග පලා කොළ හැර අනෙකුත් සියලුම දේ බඳුනකට දමා කලවම් කරගන්න. මේ කලවම් කිරීම බොහොම හොඳින් කරගන්න ඕනෑ. මොකද හැමදේම හොඳට අනා ගනිද්දී හැම කුකුළු මස් කැබැල්ලකම පහේ ජාති ටික ගෑවෙන නිසා. ඊට පස්සේ බඳුනක් ළිපේ තියලා කලවම් කරගත් කුකුළු මස් මිශ්‍රණය දමලා හැඳි ගාමින් පිස ගන්න. හැබැයි මේ දේ වෙන්නේ මඳ ගින්දරේ. ගින්දර වැඩි කරගෙන උයන කෑමවලට වඩා මඳ ගින්නේ පිසින කෑමවලින් වෑහෙන්නේ පුදුමාකාර රසයක්. කුකුළු මස් හොඳින් තැම්බුණු පසු පලා කොළ ටික ඒකට දමලා කොළ පැහැය තිබෙද්දීම ළිපෙන් බාගන්න. මේ කෑම වට්ටෝරුවේ තිබෙන විශේෂම කාරණේ බැදුමක් වුණාට මොකද කිසිම තැනදී තෙල් පාවිච්චි නොකර සිටීම.

No comments:

Post a Comment