Beet mix hopper - බීට් මිශ්‍ර ආප්ප



බීට් අලයේ රසයත් පැහැයත් ආප්ප සමඟ මිශ්‍ර වූ විට බොහොම ලස්සන රසවත් ආප්පයක් නිර්මාණය කරගන්න පුළුවනි.

කවදාවත් මේ වගේ ආප්ප කාලා නෑ නේද? එහෙනම් රස කදිම බීට් ආප්ප මේ විදියට හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය

ආප්ප පිටි මිශ්‍රණයක්

තම්බාගත් බීට් ග්‍රෑම් 150 ක්

ලුණු (රස අනුව)

 සාදන ක්‍රමය

තම්බාගත් බීට්වලට උකු මිටිකිරි ටිකක් දමා හොඳින් බ්ලෙන්ඩ්කර ගන්න. පිපෙන්න තැබූ ආප්ප පිටි මිශ්‍රණයට දෙවැනි වර මිටිකිරි එක් කරන අවස්ථාවේ බීට් මිශ්‍ර මිටිකිරි එක්කර පදමට අනාගන්න. ඉන්පසු මෙම බීට් මිශ්‍ර ආප්ප පිටි මිශ්‍රණයෙන් හැන්ද බැගින් රත්වූ ආප්ප තාච්චියට එක් කරමින් ආප්ප සාදාගන්න.

No comments:

Post a Comment