Chocolate hopper - චොකලට් ආප්ප


පුංචි දරුවො චොකලට් කන්න ආසයිනේ. ඒ වගේම ආප්ප කන්නත් ආසයි. මේ රස පිරි කෑම වර්ග දෙක එකට එකතු කළොත් වඩාත් පි‍්‍රයමනාප රසයක් මැවේවි.

 අවශ්‍ය ද්‍රව්‍ය

සුදු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් 1 ක්
යීස්ට් ග්‍රෑම් 5 ක්
පොල් ගෙඩි 1 1/2 ක මිටිකිරි
ලුණු (රස අනුව)සීනි තේ හැඳි 2 ක්
චොකලට් ග්‍රෑම් 50 ක්

 සාදන ක්‍රමය

සහල් ගරා සෝදා පැය 4 ක් පෙඟෙන්න තබන්න. ඉන්පසු වතුර පෙරා පැය 1/2 ක් කඩදාසියක තුනීකර වියළාගන්න. වියළා ගත් සහල් ග්‍රයින්ඩරයේ හෝ වංගෙඩියේ දමා කොටා හළාගන්න. දැන් මේ පිටිවලට යීස්ට් ග්‍රෑම් 5 ක් හා පොල් කිරි ටිකක් දමා ඝනකම් මිශ්‍රණයක් ලෙස අනාගෙන පැය 1/2 ක් වසා තබන්න. පැය 1/2 කට පසු ඉතිරි මිටිකිරි, ලුණු හා සීනි තේ හැඳි 2 ක් එක්කර තරමක් දියාරුවට පිටි මිශ්‍රණය අනාගන්න. ඕනෑම වෙනස් ආප්ප වර්ගයක් සෑදීමට ගන්නේ මේ ආකාරයට සකසා ගත් ආප්ප මිශ්‍රණයයි. දැන් මේ ආප්ප පිටි මිශ්‍රණයට සූරාගත් චොක්ලට් එක්කර චොකලට් දියවන තුරු කලවම් කරන්න. තල තෙල් තවරා රත් කරගත් තාච්චියට පිටි මිශ්‍රණයෙන් හැන්ද බැගින් එක් කරමින් රසම රස චොකලට් ආප්ප සාදාගන්න. පොඩිත්තන් මෙයට බොහොම කැමැති වේවි.

No comments:

Post a Comment