Shrug pol - ගොරකා මාළුව


ඇඹුල් ජාතිවල නම් ඇහෙද්දී කටත් එක්ක ඇඹුල් වෙනවා. ගොරකා අපි සාමාන්‍යයෙන් එකතු කරන්නේ ඇඹුල් රසය ඉස්මතු වෙන්න ඕනෙ කෑමවලට. මේ ගොරකා මාළුවක්, කොහොම කන්න ද කියලා නේ හිතුණේ.

අවශ්‍ය ද්‍රව්‍ය

වියළි ගොරකා ග්‍රෑම් 200 ක්
රතුලූනු, සුදුලූනු ග්‍රෑම් 10 බැගින්
අමුමිරිස් කරල් 2 ක්
කරපිංචා ස්වල්පයක්
රම්පෙ අඟලක පමණ කෑල්ලක්
උළුහාල් ග්‍රෑම් 5 ක්
කුරුඳු පොතු කැබැල්ලක්
කහකුඩු තේ හැඳි 1 ක්
හුණු ස්වල්පයක්
උකු පොල්කිරි අඬු කෝප්ප 2 ක්

ගොරකා මාළුව හදන්නේ මෙහෙමයි
පළමුව ගොරකා හුණු සමඟ දිනක්ම පෙඟෙන්න තබන්න. ඉන්පසු හත් අට වතාවක්ම සෝදලා ගොරකා කුඩා කැබලිවලට කපාගන්න.

එය පසෙකින් තබන්න. දැන් රතුලූනු, සුදුලූනු, අමුමිරිස්, රම්පේ, කරපිංචා, උළුහාල්, කුරුඳුපොතු, උම්බලකඩ, තෙල් ස්වල්පයක් ළිප තබා රන්වන් පැහැවන තෙක් බැදගන්න. මේ මිශ්‍රණයට බැදපු තුනපහ සහ කහ කුඩුත් එකතු කරන්න. එයටම ගොරකාත් එකතුකර උකු පොල්කිරි දමා හොඳින් පිසගන්න. රස අනුව ලුණු එකතු කරගන්නත් අමතක කරන්න එපා.

No comments:

Post a Comment