Mushroom salad - බිම් මල් සලාදය


සාදයට කෑම වේලක් ලෑස්ති කරද්දී මෙනු එකක් අවශ්‍යමයි. එහෙම නොවී හිතට එන කෑම වර්ග හැදුවොත් නම් කිසිම ගැළපීමක් නැති වේවි. මෙහෙම මෙනු එකක් හදද්දි මස්, මාංසවලින් තොර වෙජිටේරියන් අයව කොහොම අමතක කරන්නද? ඔවුන් වෙනුවෙන් කෑම වර්ග දෙකක්වත් මෙනු එකට ඇතුළු කරන්නට වෙනවා. බිම් මල් සලාදය ඊට කදිම තෝරා ගැනීමක්.

අවශ්‍ය වෙන දේවල්

හතු (බිම්මල්) ග්‍රෑම් 200 ක්
රතු, කොළ හා කහ පැහැති බෙල් පෙපර් (සිහින්ව ලියාගෙන එක් වර්ගයකින් ග්‍රෑම් 25 බැගින් )
කෝන් ෆ්ලවර්
ග්‍රෑම් 50 ක්
බිත්තරයක්
ගම්මිරිස්, ලුණු, දෙහි ගෙඩි 1 ක්
සැලඩ් ඔයිල් මිලිලීටර් 25 ක්

බිම්මල් සලාදය සාදන්නයි දැන් සූදානම 

පළමුව බිම්මල් සෝදා මිරිකා සිහින් තීරුවලට ඉරාගන්න. ලුණු, ගම්මිරිස් අතගා පළමුව බිත්තරය සමඟ කලවම්කර දෙවනුව කෝන් ෆ්ලවර් එක්කර ගැඹුරු තෙලේ බැදගන්න. සිහින්ව කපාගත් බෙල්පෙපර්, ලුනු සමඟ මිශ්‍රකර සැලඩ් ඔයිල් ද එක්කර අවශ්‍ය ප්‍රමාණයට ලුණු, ගම්මිරිස් එකතු කරන්න. බිම්මල් සලාදය කෑමට සූදානම්.

No comments:

Post a Comment