ආහාර සැකසීමට සුදුසු පිටි වර්ග...

ආහාර සැකසීමට සුදුසු පිටි වර්ග...
වෙළෙඳපොළේ නොයෙකුත් පිටි වර්ග තිබෙනවා. තිරිඟු පිටි, හාල් පිටි, කුරක්කන් පිටි, පාන් පිටි, කිතුල් පිටි, ආටා පිටි, ඕට්ස් පිටි, කෝන් පිටි ආදී ලෙසින් ඒවා හඳුනා ගන්න පුළුවන්.

මේ විදිහට නොයෙකුත් පිටි වර්ග තිබුණත්, මේවායේ ගුණ අගුණ, ආහාර සෑදීමට සුදුසු මොන පිටි වර්ග ද යනාදි දේ ගැන ගෘහණිය වූ ඔබ දැනුවත් ද?
පාන් පිටි
තිරිඟු පිටි ලෙස ද හඳුන්වනු ලබන මෙම පිටි පාන් සෑදීමට ඉතා සුදුසුයි. එනම් පාන්වල ඇති ඇදෙන සුලු ගතිය, පුලුන් ගතිය පාන්වලට ලැබෙන්නේ එහි ඇති ග්ලුටන් නමැති ප්‍රෝටීන වර්ග දෙකක් නිසාය. එම ප්‍රෝටීන වර්ග දෙක නම් ‘ග්ලයඩින්’ හා ‘ග්ලුටැමින්’ ය. හාල්පිටිවල මේවා අඩුය. එම නිසා හාල් පිටි තනිකරම භාවිත කර පාන් සෑදීම කළ නොහැකියි. මේ හෙයින් හාල් පිටිවලට පාන් පිටි හෙවත් තිරිඟු පිටි කලවම් කළ යුතුයි.
පිෂ්ටය, පිටි වර්ගය අනුව වෙනස්  වේද?
පිටිවල පිෂ්ටය, ඇමයිලෝස්, පෙකටින් යනාදී වශයෙන් තිබිය හැකියි. පෙකටින් ජලය උරා ගෙන ජල්ලි වැනි ස්වරූපයකට පත් වේ.
එම නිසා වැඩිපුර පෙකටින් අඩංගු පිටි වර්ග වන කිතුල් පිටි, ආටා පිටි කැඳ වර්ග සැදීමට සුදුසුය. තිරිඟු පිටිවල හා හාල්පිටිවල ඇමයිලෝස් වැඩිය. එමනිසා ඒවා කැඳ සෑදීමට සුදුසු නොවේ. එහි ජෙලි ගතිය අඩුය.
පිටි නිපදවන ශක්ති ප්‍රමාණය
පිටි ශක්තිජනක ආහාරයකි. මෙහිදී තිරිඟු පිටිවල ඇමයිලෝස් අඩංගු නිසා, එහි ග්ලූකෝස් නිපදවීම වැඩි හෙයින්, ශක්තිය නිපදවීම ද වැඩිය. එම නිසා ග්‍රෑම් 100 ක අඩංගු ශක්තිය හෙවත් කිලෝ කැලරි ගණන වැඩිය. එනම් පිටි වර්ගය අනුව ග්‍රෑම් 100 ක ශක්ති ප්‍රමාණය වෙනස් වේ.
කෙඳි ප්‍රමාණය
තිරිඟු පිටිවල ද අණු වර්ග ඇත. එනම් එඩධතඥ ඨපචඪද සම්පූර්ණ තිරිඟු පිටිවල කෙඳි ප්‍රමාණය, ග්ලුටෙන් ප්‍රෝටීන් ප්‍රමාණය වැඩිය. තවද අවුරුද්දේ කාලය හා සෘතුව අනුව ද පිටිවල ග්ලුටෙන් ප්‍රමාණය හා ඇමයිලෝස් ප්‍රමාණය වෙනස් වේ.
අංශු ප්‍රමාණය
පිටිවල අඩංගු අංශු ප්‍රමාණය අනුව කෑමවල ගුණාත්මක භාවය වෙනස් වේ. 0.25 ථථ අංශු සහිත පිටි බොහෝවිට භාවිත කෙරේ.
තවද කෙඳි ප්‍රමාණය වැඩිවීම නිසා කුරක්කන් හා ආටා පිටි හෘද රෝගීන්ට හා දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායකය. ඕට්ස් පිටි වර්ගය ද දියවැඩියා රෝගීන්ට ගුණදායකය.

වඩාත් හොඳ පාන් පිටි ද? හාල් පිටි ද?
අද සහල් පිටි මිල පාන් පිටිවලට වඩා වැඩිය. අනෙකුත් පිටිවලට ද වඩා වැඩිය.
පාන් පිටි නොහොත් තිරිඟු පිටි පිටරටින් මෙරටට ආනයනය කරයි. ඒවායේ ග්ලයඩින් හා ග්ලුමැටින් යන ප්‍රෝටීන අඩංගු නිසා පාන්වලට ඇදෙන සුලු ස්වභාවයක්, පුලුන් වැනි ස්වභාවයක් ගෙන දේ. අනෙකුත් පිටිවල එය නැත.
එම නිසා පාන්, කේක් සෑදීමේදී තිරිඟු පිටි කළවම් කළ යුතුය.
පෝෂණය අතින් ගත් කළ පාන් පිටි හෙවත් තිරිඟු පිටි නිතරම පිෂ්ට ප්‍රභවය ලෙස ආහාරයට ගනී.
සහල් පිටිවල අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල, විටමින් බී ද, නියැසින් ද අඩංගු වන බැවින් එය ඉතා හොඳ ගුණාත්මක බවින් වැඩි, පෝෂණමය ආහාරයකි.
එම නිසා සහල් පිටි නිෂ්පාදනවලින් ප්‍රෝටීන, කැලරි මන්දපෝෂණය ද නැතිකළ හැකිය.
සහල් පිටිවල අඩංගු කෙඳි ප්‍රමාණය තිරිගු පිටිවලට වඩා වැඩි ය.
මේ නිසා කුරුට්ට සහිත හාල්පිටිවලින් සෑදූ ආහාර දියවැඩියා රෝගීන්ගේ මෙන්ම හෘද රෝගීන්ගේ ද ආහාර පාලනයට යොදා ගත හැකිය.
පාන්පිටිවලට කෑමට වඩා හාල් පිටිවලින් සාදන ලද ආහාර ගැනීම තුළින් ස්ථුලභාවය ඉතා ඉක්මනින් සුවකරගත හැකිය.
එම නිසා පාන් පිටිවලට වඩා හාල් පිටි සිංහල අපට ඉතා අගනා ආහාරයකි.
තවද මෙනේරි, කුරක්කන්, ආටා පිටි, කෙසෙල් පිටි ආදියෙන් ද ග්ලයඩින් හා ග්ලුටැමින් යන ප්‍රෝටීන අඩු වුවද, මේවායේ කෙඳි ස්වභාවය වැඩි නිසා පාන් පිටිවලට වඩා ක්ෂුද්‍ර පෝෂක අතින් වටිනාකමෙන් වැඩිය.
ක්ෂුද්‍ර පෝෂක අගය මෙම පිටිවලට වඩා පාන් පිටිවල අඩුය.
පාන් පිටිවලට වඩා අනෙකුත් පිටි වර්ග ඉතා වටිනා ඔසු වෙයි. ලෙඩ රෝග අවස්ථාවන්ට මෙන්ම ලබා ගැනීමේ පහසුව හා පිළියෙල කිරීමේ පහසුව සලකා බලා හාල් පිටි නිෂ්පාදන ආහාරයට ගැනීම සුදුසුය.
රෝගීන් සඳහා විශේෂයෙන් දියවැඩියා හා හෘද රෝගීන්ට ද, ග්ලුටන් එන්ටරෝසනි රෝගීන්ට ද පාන්පිටි නොමැතිව අනෙකුත් පිටි වර්ග ඉතා ගුණදායකය. ලාභදායීය. ශ්‍රී ලාංකේය නිෂ්පාදන පරිසර හිතකාමිය.
මේ නිසා පාන් පිටි ඇතුළත් ආහාර ගැනීමට පෙර නැණවත් ගෘහණියක් ලෙස ඔබ දෙවරක් නොව කිහිපවාරයක්ම සිතා බලන්න. මන්දයත් නිරෝගීකම අන් සැමදෙයකටම වඩා වැදගත් නිසාය.


උපදෙස් - වෛද්‍ය සෙලී ප්‍රනාන්දු
ආහාර හා පෝෂණ විශේෂඥ
පවුල් සෞඛ්‍ය කාර්යාංශය

No comments:

Post a Comment