ඉවුම් පිහුම් කලාවේ රස රහස්

Image result for cooking secrets

මොන රාජකාරි තිබුණත් උයන පිහන එක ගෘහණියගේ වැඩක්නේ. අපි අතර හිඳින බොහොමයක් දෙනෙක් හිතන්නේ මොන වැඩේ තිබුණත් කෑම ටික හදන්න ඕනේ ගෙදර ඉන්න බිරිය, මව, සොහොයුරිය කියලනේ. ඒ හින්දා උයන පිහන ක්‍රම වගේම ඒ දේවල් පහසු කරන, අත් වැරැදීම් වළක්වන ක්‍රම පිළිබඳ දැනසිටීම කුමන තරාතිරමක කාන්තාවකටවුවත් හොඳයි නේද...


  • * අර්තාපල් නො පැළී තම්බා ගැනීමට නම් අර්තාපල් තම්බන වතුරට විනාකිරි බින්දු කිහිපයක් එකතු කරන්න.
  • *අල පෙති සුදු පැහැයට බැද ගැනීමට අවශ්‍ය නම් අල පෙති කැපූ විගස සීනක්කාරම් මිශ්‍ර කළ අයිස් වතුරට දමා ඉන්පසු දිය බේරා තෙත මාත්තුකර බදින්න.
  • * ළිප තැබූ හොද්දක් කැටි ගැසීම වළක්වා ගැනීමට ළිපෙන් බා ගත් පසු ද විනාඩියක් පමණ වත් හැඳිගාන්න.
  • * දෙහි හා අමුමිරිස් අපි එකම උරයක අරගෙන ඒම සාමාන්‍ය දෙයක්. එහෙත් ඒවා එකට ගබඩා කිරීමෙන් අමුමිරිස් ඉක්මනින් නරක් වන නිසා දෙහිද නරක් වීම ඉක්මන් වේ. ඒ නිසා ඒවා වෙන වෙනම ගබඩා කරන්න. 
  • * හොදි ව්‍යාංජන තෙම්පරාදු කිරීමේ දී බී ලූනුවලට වඩා රතුª ලූනු එක්කිරීමෙන් වැඩි රසයක් ගෙන දේ.
  • * උම්බලකඩ කුඩු කරගැනීම බොහෝ අපහසුය. ඒ ඒවායේ පවතින තද ගතිය නිසාය. ඔබට උම්බලකඩ පහසුවෙන් කුඩුකර ගැනීමට අවශ්‍ය නම් දිනක් පමණ කාලයක් අධි ශීතකරණයේ දමා පසුව පිටතට ගෙන කුඩු කරගන්න.
  • * ශීතකරණයේ දමා තිබූ මස් ඉක්මනින් මෘදු කර ගැනීමට විනාකිරි හෝ පොල් වතුර මිශ්‍ර වතුරේ බහා තබන්න.
  • * ලූනු සුද්ද කිරීමේදී ඇස්වලින් කඳුළු ගැලීම කාටත් ඇතිකරන්නේ අපහසුවක්. එය වළක්වා ගැනීමට නම් පළමුව ශීතකරණයේ තබා පසුව සුද්ද කරන්න. .
  • * සලාද කොළ මැළ නොවී තබා ගැනීමට නම් එය රැගෙන ආ විගස කඩදාසි කොළවල ඔතා ශීතකරණයේ දමන්න.
  • * බණ්ඩක්කා පිසීමට ගන්නා විට මෝරා ඇත්නම්, සියඹලා ටිකක් දවටා තෙලේ බැදගන්න. කූරු ගතිය අඩු වී යයි. .
  • * බණ්ඩක්කා කබලේ නොබැද පිසින විට එහි සෙවල ස්වභාවය නැති කර ගැනීමට ගොරකා කැබැල්ලක් එක් කරන්න.
  • *  බැදුමට, සම්බෝලයට දෙහි ඇඹුල් දමන විට රේණු පිටින්ම දැමීමෙන් එහි රසය වැඩි වේ.
  • * පොල්තෙල් බෝතලයට එඬරු තෙල් බිංදු කිහිපයක් දමා තැබීමෙන් එය මිදීමෙන් තොරව ශීත කාලයේදී තබාගත හැකියි.
  • * කරවිල පිසීමේ දී තිත්ත අඩු කර ගැනීමට පළමුව පොල් වතුරෙන් තම්බා ගන්න.
  • * බිත්තර ඔම්ලට් හදන විට එයට පාන්පිටි ස්වල්පයක් මිශ්‍ර කිරීමෙන් ඔම්ලට් එක හොඳට පිපේ.
  • * කොස් වතුරේ දමා තැබීමෙන් ඉදීම වළක්වා ගත හැකියි.
  • * කළු පහේ සාදා ගනිද්දී එයට සෝදා කුඩු කරගත් හාල් මිටක් එක්කර ගැනීමෙන් හොඳ රසයක් හා සුවඳක් ලබාගත හැකියි.
  • * ලුණු ස්වල්පයක් මිශ්‍ර කළ සිසිල් ජලයේ තැළුණු තක්කාලි දමා රැයක් පුරා වසා තැබීමෙන් නැවත හොඳීන් සවි වේ.



පොතපත ඇසුරිනි

No comments:

Post a Comment