Minestrone සුප්


බොහෝම රසැති minestron සුප් ඉතාලි ජාතික ආහාර අතර ප්‍රධානම තැනක් ගන්නවා. මස්, එළවළු මිශ්‍ර මේ සුප් පාස්තා, බත්, ටෝස්ට් කරගත් පාන් ආදිය එක්ක රස විඳින්න පුළුවනි.

අවශ්‍ය ද්‍රව්‍ය 


  • කටු රහිත කුකුළු මස් ග්‍රෑම් 250 ක් 
  • පාස්තා ග්‍රෑම් 150 ක් 
  • ලොකු කැරට් අලයක් 
  • සුඛිනි ගෙඩියක් 
  • ලොකු ලූනු ගෙඩි 01 ක් 
  • සුදුලූනු බික් 03 ක් 
  • පුංචි තක්කාලි ගෙඩි කිහිපයක් 
  • නිවිති ග්‍රෑම් 100 ක් 
  • බෝංචි කරල් 12 ක් පමණ 
  • බෝංචි ඇට ග්‍රෑම් 120 ටින් 01 ක් 
  • එළවළු ස්ටොක් කෝප්ප 02 ක් 
  • තක්කාලි සෝස් (පැණි රස නැති) 
  • කෝප්ප 01 ක් 
  • රස අනුව ලුණු සහ ගම්මිරිස් 
  • ඔබ කැමැති තවත් එළවළු වර්ග මේ සඳහා යොදාගත හැකියි


සාදන්නේ මෙහෙමයි 

කුකුළු මස් ටික සෝදා කුඩාම කැබලිවලට කපාගන්න. කැරට්, සුඛිනි, ලොකු ලූනු කොටු හැඩයට කපන්න.
දැන් සුදුසු බඳුනක් ළිප තබා ඔලිව් තෙල් මේස හැඳි 02 ක් එකතු කරන්න. තෙල් රත්වීගෙන එනවිට තළාගත් සුදුලූනු දමන්න. එයටම කුඩාවට කැපූ කුකුළු මස් සහ ගම්මිරිස් ද දමා මඳ වේලාවක් තැම්බෙන්නට හරින්න. අනතුරුව කපාගත් ලූනු සහ කැරට් ද එකතුකර ස්වල්ප වේලාවකින් එළවළු ස්ටොක් ද එකතු කරන්න.
තවත් විනාඩි කිහිපයකින් තක්කාලි සෝස් එකතුකර ඉතිරි එළවළු වු බෝංචි, සුඛිනි, පුංචි තක්කාලි ආදිය ද දමන්න. රස අනුව ලුණු ද දමා එළවළු තැම්බෙන්නට බඳුන පියනකින් වසන්න.
ඉන්පසුව ළිප නිවා සකස් කරගත් මේ සුප් එකට සිහින්ව කපාගත් නිවිති සහ බෝංචි ඇට ටින් එක එම වතුරත් සමඟම එකතු කරන්න. පිළිගැන්වීමේ දී තම්බාගත් පාස්තා සහ ගාගත් චීස් ඉස පිළිගන්වන්න.

No comments:

Post a Comment