බෙන්තොට පැහි



ක්ලබ් බෙන්තොට හෝටලයටම ආවේණික වුණු බෙන්තොට පැහිවලට තියෙන්නේ පුදුමාකාර ඉල්ලුමක්. බෙන්තොට ප්‍රදේශ අය විතරක්ම රහ බලන මේ කෑම එක ඔන්න අපි රටටම කියනවා.

මේ සඳහා අවශ්‍ය වෙන්නේ 

කොටු කපාගත් වම්බටු අඟල් 1ය1 කැබලි
මාළුමිරිස් අඟලේ පෙති
කොටු කපාගත් අන්නාසි අඟල් 1ය1 මැද ඉවත්
කරන්න
කොටු කපාගත් තක්කාලි
ලොකු කොටු කපාගත් බීලූනු
අඹ චට්නි
අබ ක්‍රීම්
තක්කාලි සෝස්
විනාකිරි
ලුණු
ගම්මිරිස්

බෙන්තොට පැහි මෙහෙමයි හදන්නේ 

අබ, අඹ චට්නි, තක්කාලි සෝස්, විනාකිරි මේ දේවල් ඔක්කොම බ්ලෙන්ඩර්කර ක්‍රීම් එකක් ආකාරයට හදාගෙන පැත්තකින් තියන්න. ගැඹුරු තෙලේ බදින්න පුළුවන් තාච්චියක් අරගෙන තෙල් දාලා රත්වෙද්දි වම්බටු, මාළුමිරිස්, අන්නාසි, ලූනු පිළිවෙළින් එකින් එක එකතු කරන්න. වම්බටු රන්වන් පාට වන තෙක් බැදගන්න. අනෙක්වා පාට වෙනස් නොවන ලෙස තෙලේ තම්බා (බ්‍රාන්ච්කර) ගන්න.
තෙලට දාපු හැමදෙයක්ම පිටතට ගනිද්දි තෙල් බේරෙන්න තැබිය යුතුමයි. දැන් භාජනයක් ළිපේ තියලා මුලින්ම හදලා පැත්තකින් තබා ගත්තු මිශ්‍රණය රත් කරගන්න. මේ මිශ්‍රණය රත් වීගෙන එද්දී තෙල් බේරෙන්න තැබූ දේවල් එක්කර ගෙන අවශ්‍ය ප්‍රමාණයට ලුණු දමාගන්න. බෙන්තොට පැහි මඳ රස්නයෙන් බත් එක්ක ආහාරයට ගත්තොතින් දිවට දැනෙන රස කවදාවත්ම අමතක නොවේවි.

No comments:

Post a Comment