Egg hopper - බිත්තර ආප්ප


උත්සව අවස්ථාවකදී වගේම රාත්‍රී කෑම වේලටත් උණු උණුවේ බිත්තර ආප්ප කන්න ඇත්නම් අපූරුයි නේද? පෝෂණයෙන් වැඩි බිත්තර ආප්ප කන්න මාළු ඇඹුල්තියල් හෝ මස් කරියක් තිබුණොත් කොහොමද රහ.

 අවශ්‍ය ද්‍රව්‍ය

සකසා ගත් ආප්ප පිටි මිශ්‍රණය
බිත්තර 10-15 ක්
ලුණු (රස අනුව)
ගම්මිරිස් කුඩු (රස අනුව)

 සාදන ක්‍රමය

මුලින් කියා ඇති පරිදි ආප්ප සඳහා පිටි මිශ්‍රණය සකසාගන්න. ලුණු කුඩු හා ගම්මිරිස් කුඩු එකට දමා මිශ්‍රකර පසෙකින් තබන්න. රත්වූ තාච්චියෙහි තල තෙල් ස්වල්පයක් තවරා පිටි හැන්දක් දමා රවුමට කරකවන්න. එහි මැදට බිත්තරය කඩා දමා නැවත සොලවන්න. ඒ මත ලුණු, ගම්මිරිස් කුඩු මිශ්‍රණයෙන් ටිකක් ඉස පියනෙන් වසන්න. ටික වේලාවකට පසු ළිපෙන් බා සංග්‍රහයට යොදාගන්න.

No comments:

Post a Comment