එළවළු චොප්සි

මැයි 6, 2020

නිර්මාංස ආහාර වේලක වර්ණවත් බව කියාපාන එළවළු චොප්සිය කහබත්, ෆ්‍රයිඩ්රයිස් හෝ එවැනි විශේෂිත බත් වර්ග සමඟ හරි අපුරුවට ගැළපේ.

අවශ්‍ය ද්‍රව්‍ය

ගෝවා ග්‍රෑම් 50 ක්

කැරට් ග්‍රෑම් 50 ක්

අල ගෙඩි 2 ක්

තක්කාලි ග්‍රෑම් 20 ක්

ලූනු ග්‍රෑම් 20 ක්

සුදුලුනු ග්‍රෑම් 10 ක්

රතු බෙල්පෙපර් ග්‍රෑම් 20 ක්

තෙල් මේස හැඳි 1 ක්

කරපිංචා කොළ 4-5 ක්

වතුර කෝප්ප 2 1/4

කෝන් පිටි මේස හැඳි 1 ක්

සෝයාසෝස් මේස හැඳි 1 ක්

ලුණු කුඩු තේ හැඳි 2 ක්

සීනි තේ හැඳි 1/4 ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1 ක්

(4 දෙනකු සඳහා)

 

සාදන ක්‍රමය

ගෝවා, කැරට්, තක්කාලි, ලූනු , සුදුලූනු, රතු බෙල්පෙපර්.

අල තරමක් ලොකු කැබලි වන සේ කපා ගන්න. භාජනයක් ළිප තබා එයට තෙල් ස්වල්පයක් එකතුකර තෙල් රත් වූ පසු මුලින්ම කැරට් හා අල, වතුර කෝප්ප 2 ක් සමඟ එකතු කර පිසගන්න.

කැරට් හා අල පිසීගෙන එනවිට ගෝවා එකතු කර තක්කාලි, සුදුලූනු, රතු බෙල්පෙපර් හා ලූනු එකතුකර ගන්න. එය පිසෙන අතර වතුර කෝප්ප 1/4 ක කෝන් පිටි දියකර ගන්න.

ඉන්පසු ළිප මත පිසෙන එළවළුවලට සෝයා සෝස්, ගම්මිරිස් කුඩු ස්වල්පයක් එකතුකර කලවම් කර ගන්න.

එළවළු බාගෙට පිසෙන විට සාදාගත් කෝන් පිටි දියරය එකතු කරගන්න.

සියල්ල හොඳින් පිසුණු පසු ළිපෙන් ඉවත්කර ගන්න.

 

ඉදිරිපත් කිරීම

ප්‍රවීණ චදුෂාන්ති මදනායක

 

No comments:

Post a Comment