සවස තේ මේසය රසවත් කරන්නට පහසුවෙන් සාදාගත හැකි කේක්

මැයි 13, 2020

ප්‍රවීණ සූපවේදිනී

සුජාතා ජයරත්න

මේ දවස්වල පවුලේ හැමදෙනාටම දිගු නිවාඩුවක් ලැබිලා. මේ නිවාඩුව සාමාන්‍ය එකක් නොවන නිසා ගෙදර තියෙන්නේ වෙනස්ම වාතාවරණයක්.

විශේෂයෙන් පාසල් නිවාඩු නිසා පුංචි දරුවන්ට හිතේ හැටියට සෙල්ලම් කරන්න අවස්ථාව ලැබිලා. වෙනදාට නම් පවුලේ හැමෝටම මේ වගේ දිගු නිවාඩුවක් ලැබුණාම විනෝද චාරිකාවක්, හිතවතකුගේ නිවෙසට යාමක් හෝ ඥාතීන් බලන්නට යාම වගේ දෙයක නියැලෙන්නට පුළුවන් වුවත් නීරෝධායන නීති නිසා අඩුම තරමේ අසල්වැසි නිවෙසට වත් යන්න බැහැ. මේ නිසා පවුලේ ගෘහණිය ලෙස ඔබට වගකීම් රාශියක් පැවරෙනවා. මේ අතරින් කෑම බීම පිළියෙල කිරීම මුල් තැන ගන්නවා. ප්‍රධාන ආහාර වේල් වලට අමතරව පවුලේ සාමාජිකයින් එකතු වෙන තේ මේසයට යමක් නොතිබුණොත් එය අඩුවක්.

නිරන්තරයෙන් නිවෙස අසලින් යන චූන් පාන් වෙළෙන්දාගෙන් ගන්නා බනිස් වර්ග කාලම දැන් එපා වෙලාත් ඇති. මේ නිසා අද තරුණී පාgක ඔබට නිවෙසේ තිබෙන ද්‍රව්‍ය වලින් කේක් වර්ග කිහිපයක්ම පිළියෙල කරගන්නා අන්දම අප ඔබට කියා දෙනවා.

මාබල් කේක්

 

වර්ණවත් බවින් යුතු මේ මාබල් කේක් එක විශේෂයෙන් පොඩිත්තන් වෙනුවෙන් පිළියෙල කරන්න සුදුසුයි. රසවත් බවෙන් මෙන්ම පෙනුමෙන් යුතුනිසා ඔවුන් වඩාත් කැමැති වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය -

පිටි-200g

සීනී-200g

බටර්-200g

බිත්තර -4ක්

වැනිලා තේ හැඳි 2ක්

කිරිපිටි මේස හැඳි 2ක්

ආහාර වර්ණක පාට 3ක්

සාදන ක්‍රමය

සීනි සහ බටර් හොඳින් බීට් කරන්න. එයට බිත්තර එකතු කරමින් හොඳින් බීට් කරන්න.

පිටිවලට බේකින් පවුඩර් දමා තුන් වරක් හලා එය ඉහත මිශ්‍රණයට එකතු කරන්න. ඉන්පසු කිරි සහ වැනිලාද එක් කර හොඳින් කලවම් කරන්න.

දැන් මේ කේක් මිශ්‍රණය භාජන තුනකට දමා එකකට එක් වර්ණය බැගින් කලවම් කර ගන්න.

ඉන්පසු සකසා ගත් තැටියකට වර්ණ තුනකින් යුතු කේක් මිශ්‍රණ තැනින් තැනට දමා තුනී කර ගන්න. සෙන්ටිග්‍රේඩ් 180 උෂ්ණත්වයේ විනාඩි 40ක් බේක් කරගන්න.

 

2020/05/13 තරුණි පුවත්පත බලන්න

No comments:

Post a Comment