ලෙහෙසියෙන් පිළියෙල කළ හැකි කෑම වර්ග කිහිපයක්

මැයි 20, 2020

අපි නිතර දෙවේලේ පිළියෙල කරන කෑම වර්ග වුවත් රස වෙනසක් කරමින් වෙනස් අන්දමින් සාදන්නේ නම් දිවගට එන්නේ මිහිරිතම රසයක්. තවමත් ගෙවෙන්නේ වෙසක් මාසය. තවමත් හමායන්නේ වෙසඟේ සිසිල් සුළඟයි. ඉතිං මේ මාසය පුරාවටම වුවත් නිර්මාංස ආහාරම කෑම වේල් සඳහා එක් කිරීමේ වරදක් නැහැ. ඒ හින්දමයි, නිර්මාංස කෑම වට්ටෝරු කිහිපයකින් මෙවර තරුණි 'රසාර 'සරසන්න හිතුණේ. එහෙනම් ලෙහෙසියෙන් සපයා ගන්න පුළුවන් අමුද්‍රව්‍ය රැගෙන කෑම හදන්න ලැහැස්ති වෙන්න.

ඉදිරිපත් කිරීම :

ප්‍රවීණ සූපවේදිනී

දුශාන්ති මදනායක

 

කතුරුමුරුංගා කොළ බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය

කතුරුමුරුංගා කොළ ග්‍රෑම් 250ක්

කරපිංචා ග්‍රෑම් 150ක්

ගොටුකොළ ග්‍රෑම් 150ක්

මිරිස් කුඩු තේ හැඳි 2ක්

කජු ග්‍රෑම් 50ක්

අඹරාගත් සුදු ලූනු තේ හැඳි 2ක්

බැදීමට තෙල්

වියළි මිරිස් කරල් 6ක් (නැටි ඉවත්කර දෙකට කපා ලුණු දැමූ වතුර බඳුනකට දමා තබා ගන්න.)

දෙහි ගෙඩියක යුෂ

සුදුලූනූ බික් 10ක්

ලුණු කුඩු තේ හැඳි 1ක්

 

සාදන ක්‍රමය

කතුරුමුරුංගා කොළ, කරපිංචා හා ගොටුකොළ නටුවෙන් වෙන් කරගන්න. සුදු ලූනු පෙති කපා ගන්න. කජු කුඩාවට කපා ගන්න.

ඉන්පසු තෙල් බඳුනක් ළිප තබා තෙල් රත්වන විට පළමුවෙන්ම කජු බැද ගන්න. ඉන්පසු සුදුලූනු බැද ගන්න. කතුරුමුරුංගා කොළ, කරපිංචා, ගොටුකොළ හා වතුර මිරිකා ගත් වියළි මිරිස් කරල් වෙන වෙනම ගැඹුරු තෙලේ බැද ගන්න.

මේ සියලු ද්‍රව්‍ය එකම බඳුනක දමා මිරිස් කුඩු, ලුණු කුඩු සහ දෙහි ගෙඩියක යුෂ එකතු කර හොඳින් කලවම් කර අවශ්‍ය වේලාවකදී පිළිගැන්වීමට හුළං නොවදින බෝතලයක අසුරා තැබිය යැකියි. දස දෙනකුට සෑහේ.

No comments:

Post a Comment