උපන් දිනය සමරන පුංචි දුවට පුතාට ලස්සන කේක්

මැයි 6, 2020

දෝණිට කේක් වලින් මලක්

දුවලා මල් වලට හරිම ආසයි. ඒ වගේම තමයි පුංචි දෝණිලා මල් වගේ ලස්සනයි කියලත් කියමනක් තියනවා.

ඒ තරමටම එයාලයි මලුයි අතර තියන බැඳීම හරිම ඉහළයි. ඒ නිසා මේ විදිහට කේක්වලින් මලක් හදලා එයාගේ උපන් දිනයට දෙන්න පුළුවන්නම් එයාලා තවත් සතුටු වේවි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

ඔබට කැමැති වර්ගයකින් සාදාගත් කිලෝ එකක ප්‍රමාණයේ රවුම් කේක් එකක්.

සුදු, ලෙමෙන් කහ, දුඹුරු, කහ සහ කොළ බටර් අයිසිං

බේස් බෝඩ් එකක්

 

සාදන ක්‍රමය

පළමුව කිලෝ එකක ප්‍රමාණයේ රවුමට සාදාගත් කේක් එක ගෙන පෙති හයක මලක් ලෙස පෙනෙන පරිදි වටේට කපා ගන්න. එහි මැද තලා බේස් බෝඩ් එක මත තබාගන්න. පසුව එය දෙකට කපා බටර් අයිසිං තවරා සැන්ඩ්විච් කරගන්න. දැන් සම්පූර්ණ කේක් එකම බටර් අයිසිංවලින් කවර් කරන්න. ඉන්පසු කේක් එකෙහි උස කොටස ලෙමන් කහ යෙදු බටර් අයිසිංවලින් නොම්බර 18 නොසලයෙන් අයිසිං කරගන්න. දැන් එම පාටින්ම කේක් එකේ පෙති කොටස් පිළිවෙළට නොම්බර 18 නොසලයෙන් ස්ටාර් ආකාරයට පුරවාගන්න.ඉන්පසු දුඹුරු බටර් අයිසිංවලින් කේක් එකෙහි මැද කොටස නොම්බර 16 නොසලයෙන් පුරවා ගන්න. මේ සඳහා චොකොලට් පවුඩර් දමා සාදාගත් බටර් අයිසිං ද යොදා ගත හැකිය. දැන් නොම්බර 3 නොසලයෙන් මල් පෙති වෙන්ව පෙනෙන පරිදි දාර යොදාගන්න. කේක් එක උඩට නොම්බර 17 නොසල් එකෙන් කහපාට අයිසිං වලින් ෂෙල් බෝඩරයක් දමන්න. කේක් එකේ යට කොටස ලීෆ් (ඹ්ඥචට) නොසලයෙන් කොළපාටින් දමා අලංකාර කරගන්න.

මෙම කේක් එක සඳහා චොකොලට් කේක් එකක් භාවිත කරනවානම් කපන විට වර්ණ සංකලනයක් මෙන්ම වැඩි රසයක්ද ලබාගත හැකිය.

 

*************************

පුතුගේ උපන් දිනයට කාර් එකක්

 

පුංචි පුතාලා වාහනවලට තියෙන්නේ ලොකු කැමැත්තක්.

"මේ ළමයට නම් තියෙන්නේ පුදුම රථගායක්" සමහර අම්මලා එහෙම කියනවා අපට නිරන්තරයෙන් අහන්න ලැබෙනවා.

ඉතින් ඒ නිසාම මෙවර තරුණි වෙතින් පුතකුගේ උපන් දිනයට කේක් වලින් ලස්සන කාර් එකක් හදාගන්න ආකාරය අපි ඔයාලට කියලා දෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

කාර් හැඩයේ තැටියක සාදාගත් කැමැති වර්ගයක කේක් කිලෝ එකක් (බටර් කේක්, චොකලට් කේක්, ෆෘට් කේක් වැනි )

සුදු, නිල්, දුඹුරු, කළු, කහ සහ කොළ බටර් අයිසිං

පාච්මන්ට් අයිසිං

බේස් බෝඩ් එකක්

 

සාදන ක්‍රමය

පළමුව කාර් හැඩයේ තැටියක බේක් කරගත් කේක් එක ගෙන බේස් බෝඩ් එක මත තබා ගන්න. ඔබට කාර් හැඩයේ තැටියක් නැතිනම් රාත්තල් එකක ප්‍රමාණයේ රවුම් කේක් එකක් සහ රාත්තල් එකක ප්‍රමාණයේ හතරැස් කේක් එකක් සාදා එමඟින් කාර් එකෙහි හැඩය කපා ගන්න. දැන් මෙසේ සාදාගත් කාර් එකමත බටර් අයිසිං ස්වල්පයක් තවරා ගන්න. ඉන්පසු සුදු පාට බටර් අයිසිංවලින් කාර් එකෙහි වීදුරු කොටස නොම්බර 16 නොසල් එකෙන් ස්ටාර් ආකාරයට පුරවා ගන්න. නිල් පාට කොටස නොම්බර 18 නොසලයෙන් අයිසිං කරගන්න. දුඹුරු පැහැති කොටස නොම්බර 17 නොසලයෙන් අයිසිංකර කළු පාට යෙදූ බටර් අයිසිංවලින් නොම්බර 18 නොසලයෙන් රෝද අයිසිං කරගන්න. ඡායාරූපයේ පෙනෙන පරිදි කාරයේ මුහුණු කොටස් පාච්මන්ට් අයිසිංවලින් සාදා ගන්න. නැතිනම් කුඩා ප්‍රමාණයේ බිස්කට් යොදාගෙන නොම්බර 2 නොසලයෙන් ඇස් සහ කට කළු පාටින් තබා ගන්න. යට කොටස තණකොළ ලෙස ග්‍රාස් නොසලයෙන් කොළ පාටින් අයිසිංකර වර්මසෙල් යොදා අලංකාර කරගන්න. දැන් කැමැති පාටක පාච්මන්ට් අයිසිං යොදා ගනිමින් මල් කපාගෙන කාර් එක අලංකාර කරගන්න. කාර් එකෙහි ලයිට් නොම්බර 12 නොසලයෙන් කහපාට අයිසිංවලින් රවුම් ආකාරයට දමා ගන්න.

උපදෙස් කේක් නිර්මාණ ශිල්පිනී

ත්‍යාගි සධනිකා ගමගේ

 

ඡායා -  ශාන් රඹුක්වැල්ල

 

 

No comments:

Post a Comment