වෙසක් සතියට නිර්මාංස ආහාර

මැයි 6, 2020

මේ දිනවල නිවෙසට ම වී සිටින නිසා කෑම බීම පිළියෙල කරන්නට කාලය හරස් නොවුණත් ආර්ථික අපහසුතා හරස් වෙන්න පුළුවන්. මේ නිසාම නොයෙක් නොයෙක් කෑම ජාති සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගැනීම තරමක් අපහසු කාරණයක් වෙන්නත් පුළුවන්. ඒ සමඟම මේ උදාවුණේ වෙසක් මාසය නිසා ඉතාම සාමාන්‍ය, සරල නිර්මාංස කෑම වට්ටෝරු ටිකක් පවුලේ අයගේ රුචිකත්වයට මුල්තැන දෙමින් පිළියෙල කරදීමට බාධාවක් නොවේවි. ඒ සඳහා අත්වැලකි මේ.

සුදුලූනු සමඟ පාන්

මේ සවස තේ වේලාවට ගත හැකි තවත් සරල කෙටි කෑමකි. ඉතා සුළු වේලාවකදී පිළයෙල කරගත හැකි පුංචි කෑමක්.

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පෙති 6 ක්

සුදුලූනු පේස්ට් ග්‍රෑම් 100 ක්

බටර් ග්‍රෑම් 50 ක්

ඔලිව් තෙල් මේස හැඳි 5 ක්

ග්‍රේට් කරගත් චීස් ග්‍රෑම් 50 ක්

(6 දෙනකු සඳහා)

සාදන ක්‍රමය

භාජනයක් ගෙන සුදුලුනු හා බටර් මිශ්‍ර කරගන්න. එයට ඔලිව් තෙල් ද එකතුකර කලවම් කර ගන්න.

සාදාගත් සුදුලූනු මිශ්‍රණය පාන්වල දවටා ඉන්පසු පෑන් එකක තබා දෙපැත්තම ටෝස්ට් කරගන්න. (රොටි තැටිය වුවද ගත හැකිය)

ටෝස්ට් වන අතර එයට උඩින් ග්‍රේට් කරන ලද චීස් ස්වල්පයක් බැගර්‍ණඡ්න් ඉසගන්න. සාදාගත් ගාර්ලික් ටෝස්ට් සුප් බඳුනක් සමඟ පිළිගන්වන්න.

බටර් නාන්

පවුලේ පෝෂණීය රස සංග්‍රහයනාන් රොටි කෑමට කැමැති අය මුදවපු කිරි එකතු කරමින් පිළියෙල කරන බටර් නාන් කෑමට බෙහෙවින්ම කැමැති වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි ග්‍රෑම් 500 ක්

මුදවපු කිරි කෝප්ප 1/4 ක්

ලුණු රස අනුව

සීනි තේ හැඳි 2 ක්

එළවළු තෙල් මේස හැඳි 4 ක්

නැවුම් කිරි කෝප්ප 1 ක්

(නාන් 8 ක් සඳහා)

සාදන ක්‍රමය

භාජනයක් ගෙන එයට කිරි, මුදවපු කිරි, ලුණු ස්වල්පයක් හා සීනි එකතු කර ගන්න. එයටම එළවළු තෙල් ද එකතු කර හොඳින් කලවම් කරගන්න. එයට පාන් පිටි ටිකෙන් ටික එකතු කරමින් අතේ නොඇලෙන පදමට මිශ්‍රණයක් සාදාගන්න.

සාදාගත් මිශ්‍රණය කොටස්වලට වෙන්කර කුඩා බෝල සාදාගන්න. සාදාගත් බෝල විනාඩි 15 ක් පිපෙන්න තබන්න.

පාන් පිටි ඉසගත් ලෑල්ලක් මත හොඳින් පිපුණු පිටි ගුලි එකින් එක තබා රෝලින් පින් එකක් ආධාරයෙන් රෝල්කර තුනී රොටි සාදාගන්න.

සාදාගත් නාන් රොටි, රොටි සාදන තැටියක් හෝ නොන්ස්ටික් තැටියක් මත තබා දෙපැත්ත පුලුස්සා ගන්න. (පිලිස්සීමේදී තෙල් හෝ බටර් දැමීම අවශ්‍ය නැත.)

ග්‍රේට් කරගත් චීස්, තෙල්, ලුනු භාවිත කිරීමෙන් ද නාන් සාදාගත හැකියි.

ඉදිරිපත් කිරීම

ප්‍රවීණ සූපවේදිනී

දුෂාන්ති මදනායක

No comments:

Post a Comment