පනීර්

මැයි 6, 2020

නිර්මාංස කෑම කිව්වම බොහෝ අයගේ මතකයට එන්නේ ඉන්දියන් කෑම. පනීර් කියන්නෙත් එවැනිම කෑමක්. පනීර් චීස් සහ මුදවපු කිරිවලට මුල්තැන දෙමින් ස්වාභාවික රසකාරක එකතු කළ රසැති කෑමක් මෙලෙස සාදා බලමු.

 

අවශ්‍ය ද්‍රව්‍ය

පනීර් චීස් ග්‍රෑම් 150 ක්

ලූනු ගෙඩි 1 ක්

තෙල් මේස හැඳි 2 ක්

රම්පෙ කැබැල්ලක්

කරපිංචා කොළ 5-6 ක්

අබ ඇට තේ හැඳි 1/2 ක්

කහ කුඩු තේ හැඳි 1/2 ක්

තක්කාලි පේස්ට්

මේස හැඳි 2 ක්

ලුණු කුඩු තේ හැඳි 1 ක්

මුදවපු කිරි මේස හැඳි 1 ක්

කොත්තමල්ලි

කොළ ග්‍රෑම් 50 ක්

(4 දෙනකු සඳහා)

 

සාදන ක්‍රමය

පනීර් චීස් කුඩා කොටු ලෙස කපාගන්න. ලුනු සිහින්ව කපා ගන්න.

භාජනයක් ළිප තබා එයට තෙල් ස්වල්පයක් එකතුකර තෙල් රත්වන විට එයට අබ, රම්පෙ, කරපිංච, ලූනු එකතු කර තෙම්පරාදු කර ගන්න. ඉන්පසු එයට කපාගත් වියළි මිරිස්, කපාගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක් ද එකතු කරගන්න. සියල්ල හොඳින් මිශ්‍රකර එයට පනීර් චීස් එකතුකර ගන්න. ඉන්පසු එයට තක්කාලි පේස්ට් හා ලුණු කුඩු එකතුකර මිශ්‍රකර ගන්න. අවසානයේ දී එයට මුදවපු කිරි එකතුකර උතුරන තෙක් පිසගන්න.

ළිපෙන් ඉවත් කිරීමට පෙර කොත්තමල්ලි කොළ ස්වල්පයක් දමා ළිබෙන් ඉවත්කර දීසියකට බෙදා පිළිගන්වන්න.

 

 

ඉදිරිපත් කිරීම

ප්‍රවීණ චදුෂාන්ති මදනායක

 

No comments:

Post a Comment