නත්තල් මිහිර ගෙනෙන රස සංග්‍රහය

දෙසැම්බර් 11, 2019

 

රේසින් මික්ස් රයිස්

 

අවශ්‍ය ද්‍රව්‍ය

කීරි සම්බා කිලෝ ග්‍රෑම් 1 ක්

කුකුළු මස් ග්‍රෑම් 100 ක්

ඉස්සන් ග්‍රෑම් 100 ක්

කැරට් ග්‍රෑම් 100 ක්

ඉරිඟු ඇට ග්‍රෑම් 25 ක්

වියළි මිදි ග්‍රෑම් 100 ක්

ලූනු කොළ ග්‍රැම් 100 ක්

බිත්තර 2 ක්

ගම්මිරිස් කුඩු

තේ හැඳි 2 ක්

ලුණු කුඩු (රස අනුව)

සෙසම් ඔයිල් (තල තෙල්)

තේ හැඳි 1/2 ක්

තෙල් මිලිලීටර් 25 ක්

සාදන ක්‍රමය

පළමුව සහල් සෝදා බත පිසගන්න. කුකුළු මස් සෝදා සිහින්ව කපා ගන්න. නැතිනම් අඹරා ගන්න. ඉස්සන් සෝදා පිරිසුදු කරගන්න. කැරට් හා ලූනු කොළ සිහින්ව කපා ගන්න. තාච්චියක් ළිප තබා තෙල් ටිකක් දමන්න. ඉස්සන් හා කුකුළු මස් එක්කර විනාඩි 2 ක් පමණ බැදගන්න. එයට බිත්තර එකතුකර බැදෙන විට කපාගත් කැරට් හා ඉරිඟු ඇට එකතු කරන්න. ඉන්පසු පිසගත් බත් දමා වියළි මිදි හා කපාගත් ලූනු කොළ එක්කර හොඳින් මිශ්‍ර කරන්න.

ඉන්පසු ගම්මිරිස් කුඩු, රස අනුව ලුණු හා සෙසම් ඔයිල් එක්කර හොඳින් කළවම් කරගෙන ළිපෙන් බාන්න. මෙම මිශ්‍ර බත දීසියකට බෙදා සරසා ගෙන කෑම මේසයට යවන්න.

 

2019/12/15 තරුණි බලන්න

 

No comments:

Post a Comment