බීන් කර්ඩ් ඩෙවල්

දෙසැම්බර් 25, 2019

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

බීන් කර්ඩ් (ටෝෆු) ග්‍රෑම් 500 ක්

බිත්තර සුදු මද 1 ක්

කෝන් පිටි ග්‍රෑම් 100 ක්

එළවළු තෙල් අවශ්‍ය ප්‍රමාණයට

සිහින්ව කපාගත් හෝ තළාගත් ඉඟුරු, සුදුලූනු මේස හැඳි 4 ක්

ලොකු කොටු කපාගත්

බී ලූනු ග්‍රෑම් 100 ක්

ලොකු කොටු කපාගත් මාළු මිරිස් ග්‍රෑම් 100 ක්

ලොකු කොටු කපාගත් තක්කාලි ග්‍රෑම් 100 ක්

චිලි පේස්ට් මේස හැඳි 1ක්

ගම්මිරිස් ස්වල්පයක්

රස අනුව ලුණු

සෝයා සෝස් මේස හැඳි 1/2 ක්

තක්කාලි සෝස් කෝප්ප 1/4 ක්

 

සාදන ක්‍රමය

 

මුලින්ම බීන් කර්ඩ් අඟල් 1 ප්‍රමාණයේ කැබලිවලට කපා එයට ලුණු හා ගම්මිරිස් කුඩු ස්වල්පයක් ඉස පදම් වීමට තබන්න. (මෙය ප්‍රවේසමෙන් බීන් කර්ඩ් නොකැඩෙන සේ කළ යුතුය.)

බිත්තර සුදු මදය ගෙන හොඳින් ගසා එය බීන් කර්ඩ් එකට එකතුකර කලවම් කරගන්න.

ඉන්පසු බීන් කර්ඩ් කැබලිවල හොඳින් කෝන් පිටි තවරා ගන්න.

භාජනයක් ළිප තබා ගැඹුරු තෙලේ බැදීමට අවශ්‍ය පමණ තෙල් එක්කර රත් වූ පසු බීන් කර්ඩ් කැබලි තෙල් එකට දමා ක්‍රිස්පි වනතුරු බැදගන්න.

දැන් වෙනත් භාජනයක් ළිප තබා එයට තෙල් මේස හැඳි 2 ක් පමණ දමා එය රත් වනවිට සිහින්ව කපාගත් ඉඟුරු, සුදුලූනු එක්කර මඳක් බැදගන්න.

එයට කපාගත් මාළු මිරිස්, බී ලූනු, තක්කාලි එක්කරන්න. චිලි පේස්ට්, සෝයා සෝස්, තක්කාලි සෝස්, ලුණු, ගම්මිරිස් ද එයටම එක්කොට ගින්දර මඳක් වැඩිකර කලවම් කර, බැදගත් බීන් කර්ඩ් කැබලි එක්කර, පොඩි නොවන සේ කලවම් කර ළිපෙන් බා උණුවෙන් පිළිගන්වන්න.

 

 

No comments:

Post a Comment