ෆෘට් ට්‍රයිෆල් -fruit trifle

දෙසැම්බර් 4, 2019

පලතුරු එකතුවකින් සාදන ෆෘට් ට්‍රයිෆල් වෙනස්ම රසයක් ගෙන දේවි. ස්පොන්ජ් කේක් සහ පලතුරු වර්ග කිහිපයක් භාවිත කරන නිසා රසයන් තුන හතරකම මිහිර විඳගන්නට හැකියි.

ඔබත් ඒ සඳහා කැමැති නම් ෆෘට් ට්‍රයිෆල් සාදා රස බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

ශීත කළ හෙවි ක්‍රීම් කෝප්ප 4 ක්

(මිලිලීටර් 950 ක්)

සුදු සීනි ග්‍රෑම් 300 ක් (කෝප්ප 1½ ක්)

විප්ඩ් ක්‍රීම් චීස් ග්‍රෑම් 454 ක් (කාමර

උෂ්ණත්වයේ තබා මෘදු වූ)

ලෙමන් ගෙඩියක යුෂ

වැනිලා තේ හැඳී 1 ක් (මිලිලීටර් 5 ක්)

පිරිසුදුකර කපාගත් ඕනෑම වර්ගයක නැවුම් පලතුරු කෝප්ප 12 ක් (ගස්ලබු, කෙසෙල්, අඹ, අන්නාසි, ඇපල්, මිදි, කිවි, කොමඩු, ස්ට්‍රෝබෙරි ආදී ඔබට ලබාගත හැකි ඕනෑම පලතුරු වර්ග කිහිපයකින්)

ඇඟිලි විස්කෝතු 50 ක් හෝ අඟල් 1 ප්‍රමාණයේ ස්පොන්ජ් කේක් කැබැලි 50 ක් පමණ

රෝස් වයින් කෝප්ප 1ක් (මිලිලීටර් 236 ක්)

සාදන ක්‍රමය

බෝල් එකක් අරගෙන එයට ශීතල විපිං ක්‍රීම් දමා සීනි ග්‍රෑම් 200 ක් (කෝප්ප 1) දමන්න. බීටරය හයි ස්පීඩ් දමා එය මෘදු මිශ්‍රණයක් වනසේ බීට් කරගන්න. එම මිශ්‍රණය බෝල් එකෙන් ඉවත්කර සෙට් වීමට පසෙකින් තබන්න. දැන් ක්‍රීම් චීස්, ඉතිරි සීනි ග්‍රෑම් 100, ලෙමන් යුෂ හා වැනිලා බෝල් එකට දමන්න. එය ද මෘදු මිශ්‍රණයක් සෑදෙන සේ බීට් කරගන්න. පසෙකින් තැබූ විප්ඩ් ක්‍රීම්වලින් භාගයක් එම මිශ්‍රණයට දමා කලවම්කර ඉතිරි කොටස පසෙකින් තබන්න. ස්පොන්ජ් හෝ ඇඟිලි විස්කෝතු රෝස් වයින්වල පොඟවා ගන්න. දැන් ලොකු වීදුරු බඳුනක් ගෙන එහි අඩියේ කේක් කැබලි හෝ ඇඟිලි විස්කෝතු කිහිපයක් අතුරන්න. දැන් සාදාගත් ක්‍රීම් මිශ්‍රණයෙන් තට්ටුවක් දමන්න. ඒ මතින් පලතුරු කැබලි තට්ටුවක් දමන්න.නැවත බිස්කට් හෝ කේක් තට්ටුවක් දමන්න. ඒ මත ක්‍රීම් දමන්න. එයට උඩින් පලතුරු දමන්න. මෙලෙස ඉවර වනතුරු මෙම වර්ග තුන තට්ටු ලෙස දමා වීදුරු බඳුන ශීතකරණයට දමන්න. අවම වශයෙන් පැය තුනක් පමණවත් තබා පිටතට ගෙන හැන්දකින් අරගෙන වීදුරුවලට දමා පිළිගන්වන්න. මෙය 12 දෙනකුට පමණ සෑහේ.

No comments:

Post a Comment