ගී‍්‍රන් ටී ඔසු පානය

දෙසැම්බර් 11, 2019

වෙන කවරදාකටත් වඩා දැන් දැන් බොහෝ දෙනා තම සෞඛ්‍යය ගැන වැඩියෙන් හිතන්න අරන්. එය සෞඛ්‍යසම්පන්න සමාජයකට සුදුසු දෙයක්.

විශේෂයෙන්ම අද වැඩිහිටි පරම්පරාවේ බොහෝ දෙනා විවිධ වූ බෝ නොවන රෝගවලින් පීඩා විඳිති. ඒ නිසාම අද තරුණ පරපුර පවා සෞඛ්‍යාරක්ෂිත ආහාර පානවලට යොමුවීම දක්නට ලැබෙන්නක්.

එසේ වැඩිහිටි තරුණ බොහෝ දෙනෙක් ගී‍්‍රන් ටී පානයට යොමු වී ඇත්තේ එහි ඇති ගුණාත්මක භාවය නිසයි.

මේ ගුණාත්මක බව තවත් දෙතුන් ගුණයකින් වැඩි වන අන්දමේ ඔසු පානයක් සකසා ගන්නා ආකාරය අපි ඔබට ඉදිරිපත් කරනවා.

මෙයට නම් “මොකුත් බොන්න බෑ අනේ....” යැයි පවසන, රෝගී තත්ත්වයන්ගෙන් සිටින අමුත්තන් වුණත් “ආ..... ගී‍්‍රන් ටී එකක් නම් කමක් නෑ...” යැයි පවසාවි.

මේ සඳහා අවශ්‍ය වන්නේ,

කොළ පැහැති තේ කුඩු

සැෂේ පැකට් 2 ක්

ඉඟුරු යුෂ තේ හැන්දක්

මී පැණි තේ හැඳි දෙකක්

දෙහි යුෂ ස්වල්පයක්

සීනි තේ හැන්දක්

දැන් එය මේ ආකාරයට සාදමු.

පළමුව හොඳින් උණුකර ගත් වතුරට තේ කොළ සැෂේ පැකට් දමා ගී‍්‍රන් ටී සකසා ගන්න.

පසුව එයට ඉඟුරු යුෂ, මී පැණි, දෙහි යුෂ සහ සීනි දමා හොඳින් කලවම් කරන්න. වීදුරුවකට හෝ පීරිසි කෝප්පයකට දමා අවශ්‍ය නම් සරසා පිළිගැන්විය හැකියි. මෙය අමුත්තන්ට පමණක් නොවේ. නිවෙසේ සාමාජිකයන්ටත් සුදුසු ඖෂධීය පානයකි.

උපදෙස්

නවලෝක රෝහලේ කෑම සහ පාන වර්ග පිළිබඳ කළමාණාකරු, විධායක සූපවේදී

ආචාර්ය ඇලන් ගැරයන්

No comments:

Post a Comment