අයිරිෂ් උණු කෝපි පානය

දෙසැම්බර් 11, 2019

නත්තල එළැඹෙන්නේ සීතලත් තුරුලු කරගනිමිනි.

සීතල වෙලාවකට සිරුර උණුසුම් කළ හැකි පානයන්ට තිබෙන්නේ ඉහළ අගයක්.

සීතල පවතින මොහොතක මෙවැනි උණුසුම් පානයකින් සිරුරට ලැබෙන උත්තේජනය නත්තලේ සතුට තවත් වැඩි කිරීමට සමත් වේවි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ,

කෝපි කුඩු මේස හැඳි 2ක්

සීනි මේස හැඳි 3 ක්

විපින් ක්‍රීම් ස්වල්පයක්

ඩාර්ක් චොකලට්

 

දැන් අපි කෝපි එක සාදමු.

පළමුවෙන්ම සාමාන්‍යයෙන් කෝපි කෝප්පයක් සකසන ආකාරයට උණුවතුරට කෝපි දමා සීනි ද කළවම්කර කෝපි එක සාදාගන්න. දැන් මෙය අමුත්තන්ට පිළිගැන්වීමට සුදුසු ආකාරයේ වීදුරුවකට හෝ මග් එකකට දමන්න.

දැන් බීට් කරගත් විපින් ක්‍රීම් නොසල් එකක ආධාරයෙන් අලංකාර ලෙස කෝපි එක උඩින් දමන්න.

අවසානයේ දී විපින් ක්‍රීම් උඩට ග්‍රේට් කරගත් ඩාර්ක් චොකලට් දමා සරසා ගන්න. දැන් ඔබට මෙම රසවත් අයිරිෂ් උණු කෝපි පානය අමුත්තකුට පිළිගැන්විය හැකියි.

 

උපදෙස්

නවලෝක රෝහලේ කෑම සහ පාන වර්ග පිළිබඳ කළමාණාකරු, විධායක සූපවේදී

ආචාර්ය ඇලන් ගැරයන්

No comments:

Post a Comment