Samon with spicy pesto - සැමන් විත් ස්පයිසි පෙස්ටො

මාළු ආහාරයට ගන්න කැමැති අයට වෙනස් රසයකින් යුත් මේ කෑම වට්ටෝරුව හොඳින් ගැළපේවි.
කිරට, මිරිසට, ඩෙවල් ලෙසින් මාළු ආහාරයට ගත් ඔබ සමහර විට එකම රසයකින් කෑමට අකමැති නිසාම මාළු ආහාරයට ගැනීමට අදිමදි කරනවා නම් 'සැමන් විත් ස්පයිසි පෙස්ටො' මාළු රසය අලුත් කරාවි. හදන්න වුවමනා කරන දේත් අරන් දැන් සූදානම් වෙන්න.

අවශ්‍ය ද්‍රව්‍ය
සැමන් මාළු ග්‍රැම් 225 ක කැබැල්ලක්
සූරියකාන්ත තෙල් මිලිලීටර් 30 ක්
දෙහි ඇඹුල්
ලුනු ස්වල්පයක්
කළු ගම්මිරිස් ස්වල්පයක්
පෙස්ටො එක සඳහා
රතු මිිරිස් කරල් 06 ක්
සුදු ලූනු බික් 02 ක්
සූරියකාන්ත හෝ වට්ටක්කා ඇට මේස හැඳි 3 ක් පමණ
දෙහි ඇඹුල්
ඔලිව් තෙල් මිලි ලිටර් 75 ක්
ඔලිව් තෙල්

දැන් එය මෙලෙසින් සාදමු
පළමුවෙන්ම මාළු කැබැල්ල දෙකෙළවරින් කපා වැඩි හානියක් නොවන සේ කටු ඉවත් කරගන්න. ලුණු ඉස මාළු කැබැල්ලේ සම කොටස පහළට සිටින සේ එක් කොනකින් අල්ලාගෙන පිහිය සම යටින් යවා පිහිය ආධාරයෙන් සම කොටස ඉවත් කරගන්න.
ඉන් පසුව සිහින් කොන මහත කොනට සිටින සේ මාළු කැබැල්ල රවුම්කර නූල් කැබැල්ලකින් හෝ එවැනි දෙයකින් අමුණන්න. සූරියකාන්ත තෙල් මාළු කැබැල්ලේ තවරන්න. තරමක් ලොකු බෝල් එකකට මාළු කැබැල්ල දමා එයට දෙහි ඇඹුල් දමන්න. මාළු කැබැල්ල උඩින් ලුණු, ගම්මිරිස් තට්ටුවක් දමන්න. දැන් මෙම මාළු කැබැල්ල පදම් වීමට ශීතකරණයේ පැය 2 ක පමණ වේලාවක් තබන්න.
පෙස්ටො එක සෑදීමට
මිරිස් කරල්වල ඇට ඉවත්කර සුදු ලූනු, සූරියකාන්ත හෝ වට්ටක්කා ඇට, දෙහි ඇඹුල් සියල්ල ෆුඩ් ප්‍රෙසෙසරයට දමා පසුව හොඳින් මිශ්‍ර කරන්න. ඔලිව් තෙල් ටිකෙන් ටික එයට එක් කරන්න.පදම්වෙන්නට තැබූ සැමන් කැබැල්ල මඳ උණුසුමේ විනාඩි 5 ක් පමණ පිස ගන්න. මෙය පිළිගන්වන විට ස්පයිසි පෙස්ටො සමඟින් පිළිගන්වන්න.

සැලකිය යුතුයි
මේ සඳහා ටින් කළ සැමන් ගන්නේ නම් හම සහ කටු පරෙස්සමට අතින් ඉවත්කරගන්න. සැමන් වෙනුවට ලින්නා මාළු මේ සඳහා භාවිත කළ හැකි අතර ඔබ ලින්නා මාළු ගන්නේ නම් ඉහත ක්‍රමයට කටු සහ සම ඉවත්කරගන්න

No comments:

Post a Comment