Sweet Rice for a change - වෙනසකට කැමැති නම් ස්වීට් රයිස්


හැමදාම කන බත්වලට වෙනසක් එක් කළ අවස්ථාවක් මේ. කාල තියෙනවද පැණි රස බත්. එළවළු, පලතුරු එක්කර පැණි රසට හදන මෙවන් බත් වර්ගයක් කන්නට පුංචි දරුවො ගොඩක් ආස වේවි. 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • දොඩම් ගෙඩි 3 ක් 
  • සීනි මේස හැඳි 6 ක් 
  • බටර් මේස හැඳි 3 ක් 
  • සිහින්ව කපාගත් කැරට් මේස හැඳි 6 ක් 
  • කජු ග්‍රෑම් 50 ක් 
  • වියළි මිදි ග්‍රෑම් 50 ක් 
  • බාස්මතී සහල් කෝප්ප 3 1/2 ක් 
  • වතුර (අවශ්‍ය තරමට)
  • කහ කුඩු ස්වල්පයක් 

සාදන්නේ මෙහෙමයි 
ඉස්සර වෙලාම දොඩම් ගෙඩි 3 හි පොත්ත ඉවත්කර එම ලෙලි ටික සිහින් කැබලිවලට කපා බඳුනකට දමන්න. ඉන්පසු එම දොඩම් ලෙලිවලට වතුර දමා ළිප තබා උතුරන්නට හැර වරින් වර වතුර ඉවත්කර අලුතින් වතුර දමන්න. මෙය තැම්බෙන්නට හැර වතුර පෙරා ඉවත්කර දොඩම් ලෙලි ටික වෙන්කර ගන්න. 

දැන් වතුර මිලිලීටර් 60 ක් බඳුනකට දමා එයට සීනි මේස හැඳි 3 ක් හා තම්බාගත් දොඩම් ලෙලි එක්කර වතුර ප්‍රමාණය අඩක් පමණ වන තෙක් රත්කර ගන්න. මෙය පසෙකින් තබන්න. 
සෝස් පෑන් එකක් අරගෙන බටර් මේස හැන්දක් එකතු කරන්න. එය රත්වුණාම කැරට් ටික දමා බැදගන්න. 

එය බැදුණාම සීනි සහ වතුර එක්කර මිනිත්තු 10 ක් පමණ තැම්බෙන්නට හරින්න. 

මෙම මිශ්‍රණය තම්බා ගත් දොඩම් ලෙලි සමඟ මිශ්‍ර කරන්න. බාස්මතී සහල් සෝදා ලුණු මිශ්‍ර වතුර දමා ළිප තබා තැම්බෙන්නට හරින්න. ඉන්පසු ගින්දර අඩුකර මඳගින්නේ තබන්න.
ඉතිරි බටර් ටික සෝස් පෑන් එකට දමා වතුර මේස හැඳි 3 ක් එක්කර රත්වෙන්නට හරින්න. 

මෙයට උයාගත් බත් සහ කහ ස්වල්පයක් ද දමා හැඳිගාන අතර දොඩම් ලෙලි මිශ්‍රණය එයට දමන්න. මෙය උයාගත් බත මතුපිටට දමා මඳගින්නේ තබන්න. අවසානයේ කජු, මිදි ආදිය දමා සරසාගන්න.

No comments:

Post a Comment