Yogurt-spiced chicken with rice - යෝගට් සහ කුකුළු මස් මිශ්‍ර බත

විවේකී දිනයකදී, උත්සව අවස්ථාවකදී කෑම මේසයට වෙනසක් රැගෙන එන්නට ඔබට පුළුවන්ද? දිනපතා ගන්නා ඒකාකාරී ආහාර රටාවකට වඩා මෙවැනි වෙනසකට හැමෝම කැමැති වෙයි නේද? සුපුරුදු බතට යෝගට්, කුකුළු මස්, බිත්තර ආදිය එක් කළාම අපූරු රසයක් මැවේවි. 

අවශ්‍ය ද්‍රව්‍ය 
  • බාස්මතී සහල් ග්‍රෑම් 450 ක් 
  • බටර් මේස හැඳි 3 ක් 
  • කුකුළු මස් 
  • කිලෝ ග්‍රෑම් 1 ක් 
  • ලොකු ලූනු 
  • ගෙඩි 1 ක් 
  • චිකන් තම්බාගත් වතුර මිලිලීටර් 250 ක්
  • බිත්තර 2 ක් 
  • යෝගට් ග්‍රෑම් 250 ක් 
  • කුරුඳු කුඩු තේ හැඳි 1 ක් 
  • රස අනුව ලුණු, ගම්මිරිස්
  • කහ කුඩු ස්වල්පයක්


සාදන්නේ මෙහෙමයි 
සෝස් පෑන් එකකට බටර් දමා එයට චිකන් සහ කපාගත් ලූනු එක්කර විනාඩි 4-5 ක් බැදගන්න. ඉන්පසු එයට චිකන් තම්බාගත් වතුර, ලුණු, ගම්මිරිස් එක්කර මඳගින්නේ තම්බාගෙන ළිපෙන් බා නිවුණු පසු කුකුළු මස් කැබලිවලට කපාගන්න. 

බිත්තරවලට යෝගට් එක්කර බ්ලෙන්ඩ් කරන්න. එයට කහ, කුරුඳු, ලුණු , ගම්ම්රිස් දමා පැය 2 ක් පමණ තිබෙන්නට හරින්න. බාස්මතී සහල් සෝදා ලුණු සහ වතුර ටිකක් දමා ළිප තබා විනාඩි 5 ක් තම්බා ගින්දර අඩුකර විනාඩි 10 ක් උයාගන්න. දැන් බඳුනක් ගෙන එයට මුලින් සකසා ගත් යෝගට් මිශ්‍රණය දමා පිසගත් බාස්මතී බතෙන් බාගයක් එයට එකතු කරන්න. ඉන්පසු හොඳින් මිශ්‍ර කරන්න.දැන් අවන් එකෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 160 හෝ ෆැරන්හයිට් 325 ට තබන්න. 

අවන් එකෙහි තැබිය හැකි බඳුනක් ගෙන එහි යටට බත් සහ යෝගට් මිශ්‍රණය දමන්න. ඒ මත චිකන් මිශ්‍රණය අතුරා එයට උඩින් ඉතිරි බාස්මතී බත් ටික අතුරන්න. ඒ මත ඉතිරි බටර් හා චිකන් තම්බාගත් වතුර ටික ඉසින්න. බඳුන හොඳින් ආවරණයකර උදුනෙහි තබා විනාඩි 35-45 අතර කාලයක් බේක් කරගන්න. අවන් එකෙන් පිටතට ගෙන මඳක් සිසිල් වූ පසු ප්‍රවේසමෙන් පිටතට ගෙන කැබලි කපා කෑමට ගන්න.

😀

No comments:

Post a Comment