Sweet and sour rice - ස්වීට් ඇන්ඩ් සව(ර්) රයිස්


බත්පතට පැණි රසත් ඇඹුල් රසත් මුසුකළොත් වෙනස්ම රසයක් මැවේවි. සීනි, වියළි මිදි, බටර් එක්කළ රසම රස බාස්මතී බතක් මේ ආකාරයට සකස් කරලා රස බලන්නටයි ඔබට මේ ආරාධනය.

 අවශ්‍ය දේවල් 

  • බාස්මතී ග්‍රෑම් 350 ක් 
  • බටර් ග්‍රෑම් 45 ක් 
  • වියළි මිදි ග්‍රෑම් 50 ක් 
  • සීනි තේ හැඳි 2 ක් 
  • කුරුඳු කුඩු තේ හැඳි 1 ක් 
  • සූදුරු තේ හැඳි 1 ක් 
  • කහ කුඩු ස්වල්පයක් 
  • ලුණු 

සාදන ක්‍රමය 

ෆ්‍රයින් පෑන් එකක් ළිප තබා එයට බටර් ටිකක් එකතු කරන්න. එය රත්වූ පසු වියළි මිදි එකතු කරන්න. මෙය ටික වේලාවක් බැදෙන්නට හැර සීනි, කුරුඳු සහ සූදුරු එකතු කරන්න. දැන් බඳුන ළිපෙන් බා පසෙකින් තබන්න. 
බාස්මතී සහල් සෝදා ලුණු මිශ්‍ර වතුර එක්කර ළිප තබා තැම්බෙන්න හරින්න. විනාඩි 5 කට පසු ගින්දර අඩුකර මඳගින්නේ උයාගන්න. අනතුරුව මුලින් බැදගත් වියළි මිදි සහිත මිශ්‍රණය බතට දමා කලවම් කරන්න. ඉන්පසු ළිපෙන් බා සංග්‍රහයට යොදාගන්න.

No comments:

Post a Comment