Sweet boondi - බූන්දි

Sweet boondi, a very easy and quick way to make these delicious boondi. Serve them hot to your guest and they will surely relish it!


වෙළෙඳපොළේ වීදුරු ෂෝකේස් තුළ රතු පාට, කොළ පාට, කහ පාටට දිලිසෙමින් ඇති බූන්දි දැක්කම පොඩි දරුවන්ගෙන් තමයි බේරුමක් නැත්තේ.

ඔන්න දැන් ගෙදරදිම බුන්දි සාදා දී පුංචි දරුවන් සතුටු කරන්නට ඔයාලට පුළුවනි. “ බූන්දි හදන්න ගන්න ඕනෙ කඩල පිටි. ගෙදර කෑමට ගන්න නිසා කඩල පිටි ගන්න එකයි වඩාත් හොඳ.”“මොනවද බූන්දි හදන්න අවශ්‍ය කරන දේවල්.”

මේ සඳහා කඩල පිටි ග්‍රෑම් 600 ක්, සීනි ග්‍රෑම් 500 ක්, වතුර අඬු කෝප්ප 2 ක්, උණු වතුර අඬු කෝප්ප 1 ක්, මුදවපු කිරි මේස හැදි 2 ක්, එළඟිතෙල් මේස හැඳි 1 ක්, ලුණු ටිකක්, කිරි මේස හැඳි 1 ක් හා බැදීමට තෙල් ටිකක් සූදානම් කරගන්න. මෙයට අමතරව තමාට කැමැති වර්ණයකින් ආහාර වර්ණක ටිකක් ඕනෙ කරනවා. කැමැති නම් මේ බුන්දිවලට ස්වාභාවික වර්ණක එකතුකර ගන්නත් පුළුවනි.

“ස්වභාවික වර්ණක කියන්නේ මොනවාද?”

අපි බූන්දි රතු පාට, කොළ පාට, ලෙස හදනවා නම් රතු පැහැය ලබා ගන්න පිටි මිශ්‍රණයට බීට්රූට් හෝ වද මල් තම්බාගත් වතුර එකතු කරන්නත්, කොළ පැහැය ලබා ගන්නට පැණි කොමඩු ගෙඩියක කොළ පාට පොත්ත සූරා රෙදි කැබැල්ලක දමා මිරිකා ගත් යුෂ එකතු කරන්නත් පුළුවනි.පිටි මිශ්‍රණය අනා ගන්නා ආකාරයත් වෙනස්. කඩල පිටි ටික හළාගෙන බඳුනකට දමන්න. එයට ගිතෙල්, මුදවපු කිරි සහ ලුණු එක්කර හොඳින් මිශ්‍ර කරන්න. දැන් මෙයට උණුවතුර එකතු කරමින් තරමක් ඝන මිශ්‍රණයක් ලෙස අනා පැය 4 ක් පමණ පිපෙන්න තියන්න ඕනෑ. හොඳින් පිපුණාට පසුව නැවත ගෙන උණු ගිතෙල් හැන්දක් මිශ්‍රකර නැවත අනා ගන්න.

“සීනි ටික උණුකර ගන්නත් ඕනෙ නේද?”

“ඔව්... සීනිවලට වතුර අඬු කෝප්ප 2 ක් දමා ළිප තබා උතුරන්නට හරින්න. දැන් මෙම උතුරන මිශ්‍රණයට කිරි මේස හැන්දක් එකතු කරන්න. මෙම පැණි මිශ්‍රණය උතුරන විට පෙණ ගතියට උඩට මතුවේවි. එම පෙණ ටික ඉවත්කර ළිපෙන් බා පැණි ටික පෙරා උණුසුම තිබියදී බුන්දි බදින ළිප ළඟින්ම තියාගන්න. දැන් අපිට බූන්දි ටික බැදගන්න පුළුවනි. තෙල් තාච්චියක් ළිප තබා රත්වෙන්න අරින්න. හිල් කරගත් පොල් කටු හැන්දක් අරගෙන අනාගත් පිටි මිශ්‍රණය ටික බැගින් කැටිති වශයෙන් තෙල් තාච්චියට දමා බැදෙන්න අරින්න. පාට පාටින් බූන්දි අවශ්‍ය නම් තමාට කැමැති වර්ණයක් බැදීමට පෙර පිටි මිශ්‍රණයට එකතුකර අනා ගන්නට ඕනේ.”

පිටි කැටිති වශයෙන් තෙල් තාච්චියට දැම්මම හොඳින් බැදී උඩට මතුවෙනවා. මේ බැදුණු බූන්දි කැබලි තෙලෙන් පිටතට ගත් ගමන්ම උණු පැණි බඳුනට දමන්න ඕනෑ. විනාඩියක් දෙකක් පමණ පැණි උරාගන්නට ඉඩ හැර ඉන්පසු වෙනත් බඳුනකට ඉවත් කරන්න.

ඔන්න දැන් ඔයාලට රසම රස පැණි පිරුණු බූන්දි ගෙදරදීම හදාගෙන රස විඳින්නට පුළුවනි. ඒ විතරක්ද මෙම රසකැවිලි හැදීම වැඩි දියුණු කරගත්තම ස්වයං රැකියාවක් ලෙස මුදල් උපයා ගන්නත් පුළුවනි.

උපදෙස් - ප්‍රවීණ සූපවේදී ආචාර්ය

පබ්ලිස් සිල්වා



Method For the sugar syrup

  1. Combine the sugar and 1 cup of water in a broad non-stick pan, mix well and cook on a high flame for 5 to 7 minutes or till the sugar syrup is of 1 thread consistency.
  2. Add the saffron-water mixture, mix well and keep aside.


How to proceed

  1. Combine the besan and ½ cup of water in a bowl and mix well till no lumps remain. Keep aside.
  2. Heat the ghee in a kadhai and pour 3 to 4 tablespoons of the batter at a time over a large round perforated spoon (boondi jhara) so that boondi drops in the ghee.
  3. Deep-fry the boondi over a medium flame and remove using a slotted spoon and put them in the warm sugar syrup and mix well.
  4. Serve immediately garnished with cardamom powder, pistachio slivers and almond slivers.


Handy tip:

  1. At step no 2, hold the perforated spoon 3 to 4 inches above the kadhai as the ghee is very hot.


No comments:

Post a Comment