Sesame Ginger Carrot Soup - කැරට්, තල, ඉඟුරු මිශ්‍ර රසවත් සුප් එකක්


කැරට් විටමින් ඒ බහුල එළවළුවක්. ශක්තිය වඩවන ගුණ සපිරි තල ඇට, ආහාර ජීර්ණය පහසු කරවන, ආහාර රුචිය වඩවන ඉඟුරු, මේ සියල්ල එකතු වූ විට කොතරම් ගුණවත් ආහාරයක් සැකසෙයිද? මේ රස ගුණ සපිරි සුප් එක අපි ඉදිරිපත් කරන්නේ ඔබ වෙනුවෙන්මයි.

අවශ්‍ය වෙන්නේ:

කැරට් ග්‍රෑම් 300 ක්
ලූනු ග්‍රෑම් 60ක්
චිකන් ස්ටොක් හෝ වෙජිටබල් ස්ටොක් මිලි ලීටර් 600ක් (මේ සඳහා එළවළු හෝ චිකන් සුප් කැටයක් උණුවතුරේ දියකර ගත හැකියි)
ගී ග්‍රෑම් 25ක් නැතිනම් දියකර ගත් බටර් හෝ ඔබ කැමැති තෙල් වර්ගයක්
කුඩාවට කපාගත් සුදු ලූනු තේ හැඳි 1/4ක්
තල ඇට තේ හැන්දක් හෝ 2 ක්
ගා ගත් අමු ඉඟුරු තේ හැන්දක්
ලුණු, ගම්මිරිස් සහ කැබලි මිරිස් රස අනුව
සිහින්ව කපා ගත් පාස්ලි කොළ තේ හැන්දක් (සැරසීමට – කැමැති නම් පමණක්)

දැන් සුප් එක මේ විදියට හදමු:
පළමුවෙන් ම කැරට් තරමක කෑලිවලට කපා ගන්න. ලූනු ද තරමක ප්‍රමාණයට රවුම් කපා ගන්න. බඳුනක් ළිප තබා එය තරමක් රත් වන විට එයට ගී එකතු කරන්න. එයට ලූනු රවුම් දමා මෘදුවට බදින්න. තල ඇට, සුදු ලූනු එකතුකර මඳක් බැදෙන්නට හරින්න. ලූනු කර නොකිරීමෙන් සුප් එකේ රසය රඳවා ගැනීමට පුළුවන්. එනිසා ලූනු කර වීමට පෙර කැරට්, ඉඟුරු එයට එක් කරන්න. පසුව එයට ස්ටොක් එක ද දමා හොඳින් හැඳිගාන්න. දැන් කැරට් මඳක් තැම්බෙන තෙක් මඳ ගින්නේ සුප් එක තබා උතුරවා ළිපෙන් බාන්න. මෙය මඳක් සිසිල් වූ පසුව බ්ලෙන්ඩරයට දමා මෘදු මිශ්‍රණයක් වන තෙක් බ්ලෙන්ඩ් කරන්න. සුප් බඳුන පාස්ලිවලින් සරසා පිළිගන්වන්න.
නිර්මාංස ආහාර පි‍්‍රය කරන්නන්ට ද සුදුසු මෙම සුප් එක දෙදෙනකුට හෝ සිව් දෙනකුට ප්‍රමාණවත්ය.


============================================

I will readily admit that carrot soup does not look like much. lt's very orangey and pureed. I won't say what it resembles (definitely not going to say anything about baby food.) But with the right seasonings, it's a really tasty bowl of soup, definitely for grown-ups.

The carrot flavor becomes perfectly fresh with the right amount of salt and pepper. Ginger and sesame oil brightens the whole bowl and makes it much more interesting than you think carrot soup could ever be.

We may be entering the warm summer months, but some nights, soup is still the perfect light meal.

Sesame Ginger Carrot Soup

Adapted from Skinny Taste

Ingredients
1 T butter
1 large white onion, chopped
3 cups chicken broth
1 lb carrots, peeled and chopped
1 t ground ginger
Salt and pepper to taste
Sesame oil, for topping

Melt butter over medium heat in large pot.
Add onions and cook, stirring often, until onions are soft, about 5-6 minutes. Add broth, carrots, and ginger.
Cover and bring to a boil. Reduce heat and simmer until carrots are soft, about 30 minutes.
Blend with immersion blender or in blender (carefully and in batches.)
Adjust salt and pepper to taste.
Serve and top with drizzle of sesame oil.

20120520-092039.jpg

No comments:

Post a Comment