රස ඉතිරෙන අතුරුපස

මැයි 31, 2021

 

ජෙලටින් සහ පලතුරු එකතුකර ගනිමින් සාදාගත හැකි අපූරු අතුරුපස වර්ග දෙකක් අදත් මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නෙමු.

 

 

වුඩ් ඇපල් ජෙලි පුඩිං

අවශ්‍ය ද්‍රව්‍ය

 

පොල් කිරි

කෝප්ප 1 1/2 ක්

හකුරු ග්‍රෑම් 150 ක්

දිවුල් කෝප්ප 1 ක්

(එයට පොල් කිරි

කෝප්ප

1/2 ක් දමා පොඩිකර

පෙරා ගන්න)

වතුර කෝප්ප 1/2 කට

දියකරගත් ජෙලටින් තේ

හැඳි 4 ක්

සාදික්කා කුඩු තේ හැඳි

1/4 ක්

වැනිලා තේ හැන්දක්

කජු ග්‍රෑම් 50 ක්

 

සාදන ක්‍රමය

පළමුව හකුරු කිරිවල දියකර ගන්න. ඉන්පසු එම මිශ්‍රණයට දිවුල් එකතු කරන්න. දැන් එය බඳුනකට දමා ළිප තබා මඳක් උණුකර ගන්න. එයට සිහින්ව කපාගත් කජු ද එකතු කරන්න. දැන් වැනිලා ජෙලටින් සහ සාදික්කා කුඩු එකතුකර ළිපෙන් බා නිවෙන්නට තබන්න.

ඉන්පසු තෙත් කරගත් බඳුනකට මෙම මිශ්‍රණය දමා ශීතකරණයේ තබන්න. උඩින් කජු ස්වල්පයක් ඉසින්න.

 

ෆෘට් මිරර් ජෙලි ක්‍රිස්ටල්

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

ජෙලටින් තේ හැඳි 3 ක්

වතුර කෝප්යක්

සීනි ග්‍රෑම් 125 ක්

දෙහි යුෂ ස්වල්පයක්

එසන්ස් වර්ගයක්

වර්ණ කීපයකින් මිදි

අවශ්‍ය නම් තවත් පලතුරු එකතුකර ගත හැකියි.

 

සාදන ආකාරය

පළමුව ජෙලටින්වලට ජලය ස්වල්පයක් දමා දියකර ගන්න. දැන් ඉතිරි ජලයට සීනි දමා දියකර ගන්න.

එයට එසන්ස් සහ දෙහි යුෂ එකතුකර කහ වර්ණ කලරිං ස්වල්පයක් ද දමා ගන්න.

දැන් බටර් තවරාගත් බඳුනකට ඉහත ජෙලී මිශ්‍රණය අඟල් 1/2 ක් වන සේ දමා සෙට් වන විට පලතුරු ස්වල්පයක් දමා එයට උඩින් ඉතිරි ජෙලටින් දමන්න.

 

වර්ණ ජෙලි

සෑදීම

ඒ සඳහා ජෙලටින් තේ හැඳි 3 ක් වතුර මේස හැඳි 6 ක් සමඟ දියකර එයට කොළ වර්ණක දමා ගන්න.

ඉන්පසු ඩබල් බොයිල් කරගත් වතුර කෝප්ප 2 ක් සහ ජෙලි මිශ්‍රණය දියකර එය ද පලතුරු මිශ්‍රණය උඩින් දමා සෙට් වන්නට තබන්න.

මෙම ජෙලි සඳහා ඔබට කැමැති පලතුරු යුෂ වර්ග එකතු කළ හැකියි.

මෙවැනි ජෙලි වර්ග 2 ක් වර්ණ දෙකකින් සාදාගත යුතුය.

 

කිරි ජෙලි

සෑදීම

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

කිරි කෝප්ප 2 1/2 ක්

සීනි ග්‍රෑම් 100 ක්

වැනිලා තේ හැදි 1 ක්

ජෙලටින් තේ හැඳි 3 ක්

ඩබල් බොයිල් කරගත් වතුර මේස හැඳි 6 ක්

 

සාදන ක්‍රමය

පළමුව ඉහත සඳහන් සියල්ලම බඳුනකට දමා දියකර ගන්න.

ඉන්පසු කලින් සාදාගත් පලතුරු ජෙලි මිශ්‍රණය උඩින් කිරි ජෙලි මිශ්‍රණය දාම සෙට් වන්නට තබන්න. දැන් සාදාගත් රතු වර්ණ ජෙලි තට්ටුව ද දමා උණුවතුර බඳුනක් මත ජෙලි බඳුන තබා යට තෙත්කර අවශ්‍ය තැටිය මතට හරවා ගන්න.

 

 

උපදෙස් -

ප්‍රවීණ සූපවේදනී

ප්‍රදීකා විජේසූරිය

 

 

උදයංගනී ලියනආරච්චි

 

No comments:

Post a Comment