දෝණිගේ උපන් දිනයට රෝස මලින් හැඩවැඩ

අගෝස්තු 7, 2019

21 වැනි උපන් දිනය සමරන දියණියකටයි මේ කේක් නිර්මාණය. ළමා වියෙන් යොවුන් වියට එළැඹෙන ඇගේ සුකොමළ බව කේක් එක මඟිනුත් මතුකර ඇති ආකාරය හරිම අපූරුයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 1ය14 බේස් බෝඩ් එකක්

කිලෝ එක ප්‍රමාණයේ රවුම් කේක් තුනක්

ග්‍රෑම් 500 ප්‍රමාණයෙන් රවුම් කේක් තුනක්

බටර් අයිසිං

ෆොන්ඩන්ට් අයිසිං

ළා කොළ සහ ගෝල්ඩ් රිබන්

පබළු වැල්

පාච්මන්ට් අයිසිං

සාදන ක්‍රමය

පළමුව බේස්බෝඩ් එක ළා කොළ පැහැති ෆොන්ඩන්ට් අයිසිංවලින් කවර් කරගන්න. ඉන්පසු කිලෝ එකේ ප්‍රමාණයට සාදාගත් කේක් තුන ගෙන බටර් අයිසිං තවරා සැන්ඩ්විච් කරගන්න. පසුව සම්පූර්ණ කේක් එකම බටර් අයිසිංවලින් කවර්කර නැවත ළා කොළ ෆොන්ඩන්ට් අයිසිංවලින් කවර් කරන්න.

දැන් අනෙක් කේක් තුන ගෙන පෙර පරිදි සැන්ඩ්විච්කර නැවත ළා කොළ බටර් අයිසිංවලින් කවර් කරන්න. පසුව ෆොන්ඩන්ට් අයිසිංවලින් ද කවර් කරගත යුතුය. ඉන්පසු මේ කේක් දෙකම පිළිවෙළින් බේස් බෝඩ් එක මත තබාගන්න. දැන් ඉහළින් ඇති කේක් එකෙහි තැනින් තැන රටාවකට අනුව සුදු පබළු අලවා ගන්න. එහි මැදින් පාච්මන්ට් අයිසිංවලින් කපාගත් අංක 21 අලවන්න. කේක් දෙකෙහිම යටින් ළා කොළ සහ ගෝල්ඩ් රිබන් පටි දෙක බැගින් අලවන්න. යටින් ඇති කේක් එක වටා රටාවකට අනුව පබළු වැල් දමාගන්න. දැන් කේක් දෙකටම කටර් මඟින් කපාගත් සමනලයන් අලවන්න. කේක් එකෙහි ඉහළින් පාච්මන්ට් අයිසිං මඟින් සාදාගත් ඕපන් රෝස මල්, බේබිස්බ්‍රෙත් මල් හා කොළ පොකුරක් සේ අලවා ගන්න. කේක් දෙක අතරින් ද රෝස මලක් තබා සරසා ගන්න.

 

උපදෙස්

කේක් නිර්මාණ ශිල්පිනී

නදීකා දිල්රුක්ෂි

No comments:

Post a Comment