පවුලේ පෝෂණය සුරකින සුප් වර්ග

අගෝස්තු 21, 2019

සරල එහෙත් පෝෂණීය ගුණයෙන් ඉහළ ආහාර වට්ටෝරු අතර පෙරමුණේම තිබෙන්නක් ලෙස සුප් වර්ග හැඳින්විය හැකියි. සුප් වර්ගවලින් අපිට ලැබෙන පෝෂණීය ගුණය මෙතෙකැයි කිව නොහැකියි. විශේෂයෙන් ම බර ආහාර ගැනීම නුසුදුසු අයට මෙන්ම රෝගීන්ට ද සුප් සුදුසුයි. ඊට අමතරව වැඩියෙන් ආහාර නොගන්නා තෝර තෝරා ආහාර ගන්නා පොඩි දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් සුප් වේලකින් අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ වැඩි ආයාසයක් නොදරාමයි.අද අපි ඔබට ඉදිරිපත් කරන මේ සුප් වර්ග ඇතුළත් ආහාර වට්ටෝරු පවුලේ පෝෂණය රැක ගැනීමට ඔබට වඩාත් උපකාරී වේවි.

මෙම සියලු සුප් වර්ග වැඩිහිටියන් දෙදෙනකු හා දරුවන් දෙදෙනකු සහිත හතර දෙනෙක් ඉන්නා පවුලකට සෑහේ. වැඩිහිටියන්ට පමණක් සාදන්නේ නම් තිදෙනකු සඳහා ප්‍රමාණවත්ය.

 

උපදෙස් හා ඡායාරූප

ඉතාලියේ පර්මා හි සූපවේදිනී - ජනනී ගුරුසිංහ

සටහන - අයන්ති උඩුගම්පල

 

සිරුරට ශක්තිය ගෙන දෙන චිකන් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

කුකුළුමස් කටු සහිත

ග්‍රෑම් 450

ගෝවා ග්‍රෑම් 100

කැරට් අලයක් (ග්‍රෑම්100ක

පමණ)

බෝංචි කරල් ටිකක්

(ග්‍රෑම් 50ක් පමණ)

බී ලූනු ගෙඩියක් ග්‍රෑම් 30ක පමණ

සුදුලූනු බික් 2ක්

අමු ඉඟුරු කැබැල්ලක්,

කුරුඳු පොත්තක්,

එනසාල් කරල් 2ක්,

කොත්තමල්ලි ඇට ස්වල්පයක්,

ගම්මිරිස් ඇට ස්වල්පයක්

ලුණු රස අනුව

වතුර ලීටර 1 1/4

කෝන් පිටි තේ හැඳි 3ක්

බිත්තර 2ක්

බටර් තේ හැඳි 3ක්

අවශ්‍ය නම් රෝස්මෙරි, ඔරිගානෝ වැනි වියළා කුඩුකරගත්

හර්බල් වර්ග ( තිබේ නම්)

බඩ ඉරිගු, බෝංචි ඇට මිශ්‍ර ටින් එකක්

 

දැන් එය මෙලෙසින් සකසමු

මුලින්ම කුකුළු මස් කොටස්වලට කපා සෝදා පිරිසුදු කරගන්න. දැන් එයට වතුර දමා කුකුළු මස් හොඳින් තම්බාගන්න. එයට රස අනුව ලුණු, කුරුඳු, ගම්මිරිස්, කොත්තමල්ලි ඇට, එනසාල්, හර්බ්ස් වර්ග එකතුකරන්න. සුදුලූනු, අමු ඉඟුරු ආදිය ද තලා එකතුකරන්න. දැන් මස් හොඳින් තැම්බෙන තුරු තම්බන්න. මෙය හොඳින් තැම්බීගෙන එන විට ඉන් මිහිරි සුවඳක් හමයි.

එය තැම්බෙන තෙක් එළවළු කැමැති හැඩයකට කපාගන්න. බී ලූනු ගෙඩිය ද සිහින්ව කපා ගන්න. මස් ටික තැම්බුණු පසු වතුර පෙරා ගන්න. තැම්බුණු මස්වල කටු අයින්කර මස් ටික කුඩා කැබලිවලට කඩන්න. කලින් දැමූ කුරුඳු පොත්ත, ගම්මිරිස් ඒ සියල්ල ම පෙරා අයින් කරන්න.

එලෙස පෙරාගත් වතුරට ඒ සියල්ලේම රස, ගුණ, සුවඳ සියල්ල උකහාගෙන තිබෙන නිසා නැවතත් ඒවා දැමිය යුතු නැත.

පෑන් එකක් ළිප තබා එයට බටර් තේ හැඳි 2ක් එකතුකරන්න. එය රත්වී දියවේගෙන එන විට මුලින්ම කපාගත් ලූනු එකතු කරන්න. ලූනු ස්වල්ප වෙලාවක් බටර්වලින් බැදෙන්නට හැර කැරට්, බෝංචි, ගෝවා එකතුකරන්න.

දැන් එය බඳුනකට දමා ඒ පෑන් එකට ම ඉතුරු බටර් තේ හැන්ද දමා කැබැලි කරගත් කුකුළු මස් දමා ඉතා ස්වල්ප වේලාවක් බටර්වලින් බැදගන්න. (එසේ කළ විට රස වැඩි වේ.)

දැන් මස් තැම්බූ වතුරට එළවළු සහ කුකුළු මස් එකතුකර එය ළිප තබා රත් කරන්න.

මෙහි රස්නය තිබියදී ම බිත්තර දෙක හොඳින් ගසා සුප් එකට එකතු කරන්න. එවිට බිත්තර කැබලි ලෙස තැම්බෙමින් සුප් එකේ රසය මෙන්ම පෙනුම ද වැඩි කිරීමට සමත් වේ. වතුර කෝප්ප කාලකට කෝන් පිටි දියකර එය ද සුප් එකට එකතුකර හොඳින් මිශ්‍ර කරන්න. තිබේනම් පමණක් තම්බාගත් ඇට වර්ගයකුත් මෙයට එකතුකරන්න. ස්වල්ප වේලාවකින් සුප් එක ළිපෙන් ඉවතට ගන්න. උණුවෙන් ම රස විඳින්න.

ද එළවළු හා ඔබට තිබෙන දේවල් උපයෝගී කරගෙන සකසා ගන්න. මෙය ඔබ කැමැති ආකාරයට අවශ්‍ය ද්‍රව්‍ය අඩු වැඩි කර සකසා ගත හැකියි.

2019/08/21 තරුණි බලන්න

No comments:

Post a Comment