දුර ඈතක හිඳ මව්රටේ ළඳුන්ට රස වෑහෙන අතුරුපස

දෙසැම්බර් 9, 2020

සීතල උඳුවප් මහ අපට කියන්නේ නත්තලේ අසිරියයි. මේ අසිරිමත් නත්තල සමරන මෙහොතේ ලොව නන් දෙස හිඳීන ලාංකේය ළඳුන් නත්තල වෙනුවෙන් සැකසූ විවිධ රසැති අතුරුපස කිහිපයකින් අද රසාර අතිරේකය හැඩ වේ. කෑම රූප සමූහයේ සාමාජිකාවන් වන මේ පිරිස තමන් සැකසූ අතුරුපසේ ආකර්ෂණීය පින්තූරය ද ගෙන ඇති අතර එය ඔවුන් සතු ඡායාරූප කලාවේ හැකියාව ද පෙන්වයි. මේ රස අතුරුපස වර්ග ඔබට ලබා දෙන්නට ලොව නන් දෙස වෙසෙන සොයුරියන් එක්කරමින් කෑම රූප සමූහය මෙහෙයවන අර්ජුනී රණතුංග සමඟ තුෂාරි විජේරත්න සොයුරියන් අපමණ කැපවීමක් කළ අතර ඔවුනගේ ඒ කැපවීමට තුතිමල් ද පුද කරන්නෙමු.

 

Christmas pudding

නත්තල් පුඩිම

අවශ්‍ය දේවල්

සුල්තානා ග්‍රෑම් 150 ක්

රේසීන් ග්‍රෑම් 150 ක්

කරන්ට්ස් ග්‍රෑම්150 ක්

චෙරි ග්‍රෑම්100 ක්

රම් හෝ බ්‍රැන්ඩි මිලිලීර් 150 ක්

ටිකක් ලොකු කැබලි සිටින්නට තළා ගත් ආමන්ඩ් ඇට ග්‍රෑම් 25 ක්

ග්‍රේට් කර ගත් කැරට් ගෙඩියක්

දොඩම් ගෙඩියක පොතු හා ඉස්ම

ඉඟුරු ඉස්ම තේ හැඳී එකක්

පොඩියට කපා ගත් ඉඟුරු තේ හැඳී එකක්

කුළුබඩු තේ හැඳී එකක් (කරදමුංගු, කරාබුනැටි, සාදික්කා, කුරුඳු, වසාවාසි කුඩු කරගත් කුඩු)

අලුතින් ම වේළා කුඩු කරගත් පාන් කුඩු ග්‍රෑම්125 ක්

බටර් ග්‍රෑම් 100 ක්

දුඹුරු සීනී ග්‍රැම් 100 ක්

පිටි ග්‍රෑම් 50 ක්

බිත්තර 2 ක්

ලුණු කුඩු බිඳක්

 

සාදාගන්නා ආකාරය

ලොකු භාජනයකට සියලුම වියළි පලතුරු ටික දමා එයට රම් හෝ බ්‍රැන්ඩි, ඉඟුරු ඉස්ම, ඉඟුරු කෑලී, කුළුබඩු, තළාගත් ආමන්ඩ්, ග්‍රේට් කර ගත් දොඩම් ලෙලි, දොඩම් ඉස්ම එකතු කර හොඳීන් මිශ්‍රකර භාජනය වසා පැය කිහිපයක් තියන්න. දවසක් දෙකක් වුණත් තියන්න පුළුවන්. බිත්තර, සිනී, බටර් ටික හොඳීන් බීට් කර එයට පිටි හා පාන් කුඩු හොඳීන් මිශ්‍රකර ග්‍රේට් කර ගත් කැරට් ටික හා ලුණු බිඳක් දමා සියලුම පලතුරු මිශ්‍රණය එකතු කර හැන්දකින් කලවම් කර ගන්න.

පුඩින් බෝල් එකට යාන්තමට බටර් ටිකක් තවරා එකට සදා ගත් පුඩින් මිශ්‍රණය දමා පොයිල් කොළයකින් හෝ පිරිසුදු කොට්න් රෙදි කඩකින් වසා වාෂ්පයෙන් පැය 4 ක් 5 ක් අතර කාලයක් තම්බා ගන්න. අවන් එකේ වගේම ළිපේත් ලොකු වතුර භාජනයක් බහා වාෂ්පයෙන් තම්බා ගන්න පුළුවන්. ඔබ කැමැති ලෙස බ්‍රැන්ඩ්, චොකලට් සෝස්, විපිං ක්‍රීම් හෝ කස්ටඩ් ක්‍රීම් සමඟ රස බලන්නට හැකියි.

 

ඡායාරූපය සහ උපදෙස්

ක්‍රිස් විතානගේ

******************************

Orange caramel pudding

දොඩම් රසැති කැරමල් පුඩිම

අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 4 ක්

ටින් කිරි පොඩි ටින්

එකක් (ග්‍රෑම් 390 ක)

දොඩම් යුෂ මිලිලීටර් 150 ක්

වැනිලා තේ හැඳී 2 ක්

සීනි මේස හැඳී 2 ක්

සීනි කැරමල්

සඳහා

සීනි ග්‍රෑම් 100 ක්

වතුර මේස හැඳී 2 ක්

 

සාදන ආකාරය

මුලින්ම කැරමල් එක සාදා ගැනීමට සුදුසු පිරිසුදු භාජනයක් ගන්න. වෙනත් භාජනයක් ගෙන එයට සීනි හා වතුර මේස හැඳී 2 යොදා සීනි කැරමල් කර ගන්න. ඒ කැරමල් කරගත් සීනි කැරමල් එක පුඩිම සාදා ගන්නා භාජනයට දමා ටිකක් වටේ ගෑවෙන ලෙස රවුමට කරකවා ගන්න.

දැන් වෙනම භාජනයක් ගෙන බිත්තර එකින් එක එකතු කර ගන්නා ගමන් බීට් කරගන්න. සියලු බිත්තර දැමීමෙන් පසු එයට ටින් කිරි, දොඩම් යුෂ හා සීනි මේස හැඳී 2 එකතු කර හොඳීන් බීට් කර වැනිලා ද එකතුකර ගන්න. දැන් මෙය අපි සකසා ගත් කැරමල් භාජනයට හොඳීන් පෙරා එකතු කර ගන්න.

මෙය විනාඩි 45 ක් ස්ටීම් කර හෝ උෂ්ණත්වය සෙල්සියස් අංශක 180 ක යටතේ විනාඩි 45 ක් වතුර පිරවූ ට්‍රේ එකක් මත කැරමල් දැමූ ට්‍රේ එක තබා ෆොයිල් පේපර් එකකින් කවර් කර බේක් කළ හැකියි. ඉන්පසු ශීතකරණයේ තබා අවශ්‍ය වෙලාවට ලස්සනට කැරමල් පැත්ත හරවාගෙන කෑමට ගන්න.

මෙය ටින්කිරි නොමැතිව සාදා ගන්නවා නම් ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 250 ක් යොදා ගෙන ද සාදා ගත හැකියි. එවිට සීනි රස අනුව යොදා ගන්න.

 

ඡායාරූපය සහ උපදෙස්

සෞම්‍යා ඉන්සාෆ්

************************

white chocolate fudge
  
වයිට් චොකලට් ෆජ්

අවශ්‍ය ද්‍රව්‍ය

වයිට් චොකලට් ග්‍රෑම් 150 ක්

ටින් කිරි ග්‍රෑම් 100 ක්

පිස්ටාචියෝ හෝ කජු (කබලේ බැදගත්)

වියළි රාස්බෙරි හෝ මිදි

සාදාගන්නා ආකාරය

පළමුව වයිට් චොකලට් ටික ඩබල් බොයිල් හෝ මයික්‍රොවේව් එකේ දිය කර ගන්න. (වතුර වගේ වෙන්න දෙන්න එපා) පසුව එයට ටින් කිරි ටික දමා නැවත විනාඩියක් පමණ හොඳීන් ළිපේ තිබියදීම මිශ්‍ර කර ගෙන ළිපෙන් ඉවතට ගෙන කුඩා කැබලිවලට කපා ගත් පිස්ටාචියෝ හෝ කජු, රාස්බෙරි හෝ වියළි මිදි දමා හොඳීන් මිශ්‍ර කර කලින් බටර් ගා සකසා ගත් බේකිං පේපර් එකක් දමන ලද හතරැස් භාජනයකට දමා තුනී කරගෙන පැය 5ක් පමණ ශීතකරණයේ තබා හතරැස් කෑලිවලට කපා රස විඳීන්න.

(වැඩි ලස්සනක් අවශ්‍ය නම් ඩාක් චොකලට් ග්‍රෑම් 25 ක් ඉහත ආකාරයටම උණු කරගෙන අවසානයේ උඩින් ඉසිනවා වගේ මිශ්‍ර කරන්න පුළුවන්. පින්තූරයේ ආකාරයට එන්න)

 

ඡායාරූපය සහ උපදෙස්

චමිලා ජයවර්ධන

 

2020/12/09 තරුණි පුවත්පත බලන්න

No comments:

Post a Comment