යොවුන් වියේ දූ පුතුන්ට නැවුම් අරුතක් ගෙනෙන්න චොකලට් රසයට පොතක්

ජූලි 31, 2019

 

අවුරුදු 15-20 කියන්නේ සුන්දර යොවුන් වියයි. මේ වසයේ දූදරුවන් පසුවන්නේ සුරංගනා ලෝකවලයි. අවුරුද්දක් ගෙවිලා අවුරුද්දක් ලබන තෙක් ඔවුන් බලා ඉන්නේ නොඉවසිල්ලෙන්.

ඒ වෙන කිසිවක් නිසා නම් නෙවෙයි. තමන්ගේ උපන්දිනය එනතුරුයි. යාළුවන් පිරිවරාගෙන ලස්සන කේක් එකක් කපා විසිතුරු කෑම බීමවලින් පිරුණු උපන්දින සාදයක ආශ්වාදය විඳගන්නයි. නමුත් මේ වයසේ පසුවන දරුපැටවුන්ට වඩාත්ම වැදගත් වන්නේ අධ්‍යාපනයයි. ඒ නිසාමයි අපි අධ්‍යාපනය මතකයෙන් ගිලිහෙන්නෙ නොදීම උපන්දින සාදයට විනෝදය එක්කරන්නට සිතුවේ. චොකලට් රසයට හැමෝම ආසයිනෙ. ඉතින් මෙවර උපන්දිනයට නැවුම් අරුතක් එක් කරන්නමයි මේ පොතක් හැඩයේ චොකලට් කේක් එක සකස් කරන්නේ.

 

මේ සඳහා කිලෝ 2ක චොකලට් කේක් එකක් අවශ්‍යයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් ග්‍රෑම් 250 ක්

සීනි ග්‍රෑම් 250 ක්

බිත්තර 05 ක්

පිටි ග්‍රෑම් 250 ක්

වැනිලා තේ හැඳි 02 ක්

බේකිං පවුඩර් තේ හැඳි 01 ක්

බේකිං සෝඩා තේ හැඳි 1/4 ක්

කෝපි කුඩු තේ හැඳි 1/2 ක්

ක්‍රීම් ඔෆ් ටාටා තේ හැඳි 1/4 ක්

ඕනෑම වර්ගයක චොකලට් ක්‍රීම්

මේස හැඳි 05 ක්

කොකෝ පවුඩර් මේස හැඳි 04 ක්

උණු වතුර මේස හැඳි 06 ක්

කෝන් පිටි තේ හැඳි 01 ක්

එළවළු තෙල් මේස හැඳි 02 ක්

(මෙම සියලුම ද්‍රව්‍ය කාමර උෂ්ණත්වයේ

තබා භාවිතයට ගන්න)

 

සාදන ක්‍රමය

පළමුව පිටි, බේකිං පවුඩර්, බේකිං සෝඩා, කොකෝ පවුඩර්, කෝන් පිටි, ක්‍රීම් ඔෆ් ටාටා එකට එක්කර පස්වරක් හොඳින් හළා ගන්න.

මෙය පසෙකින් තබා බිත්තර එකින් එක කඩා වෙනත් භාජනයකට දමා එයට වැනිලා ද මිශ්‍රකර පසෙකින් තබන්න. පසුව උණු වතුරවලට කෝපි කුඩු එකතුකර කලවම්කර එය ද පසෙකින් තබන්න. ඉන්පසු බටර් හා සීනි වෙනත් භාජනයකට දමා හොඳින් බීට් කරගන්න. එය හොඳින් බීට් වූ පසු බිත්තර හා වැනිලා මිශ්‍රණයෙන් ටික ටික එක් කරමින් නැවත නැවතත් බීට් කරන්න. මෙයටම චොකලට් ක්‍රීම් හා හොඳින් නිවුණු කෝපි මිශ්‍රණය ද එක්කර නැවතත් මඳ වේලාවක් බීට්කරන්න.

අවසානයේ එළවළු තෙල් එක්කර බීට් කිරීම නවතන්න. ඉන්පසුව පිටි මිශ්‍රණය ටික ටික මෙයට එකතු කර විස්ක් එකක් ආධාරයෙන් හොඳින් කලවම් කරගන්න. පසුව කලින් සකසා ගත් තැටියට මෙම බැටරය එකතුකර සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයේ විනාඩි 40-45 ත් අතර කාලයක් බේක්කරගන්න.

(එක් එක් අවන්වල උෂ්ණත්වය වෙනස් නිසා ඒ ගැන සැලකිලිමත් වන්න)

 

 

සටහන

ද නාමලී ගමගේ

20198.07.31තරුණි බලන්න........>>

 

No comments:

Post a Comment