තිත්ත නැතිව කරවිල කන්නෙ කොහොමද?

ජූලි 3, 2019

තිත්ත කරවිල ඇඟට ගුණයි. ඒත් තිත්ත නිසා කන්නෙ කොහොමද? වැඩි දෙනෙක් හිතන්නෙ එහෙමයි. දෛනික විටමින් ‘සී’ අවශ්‍ය ප්‍රමාණයෙන් සියයට 93 ක්ම තියෙන ෆෝලේට් නම් බී විටමිනය සියයට දාහතක් තියෙන විටමින් ඒ, පොටෑසියම්, සින්ක්, යකඩ, තන්තු සපිරි කරවිල සතියකට සැරයක්වත් කෑම පිඟානට එක්කර නොගත්තොත් එය නම් විශාල පෝෂණ අඩුපාඩුවක්. මේ අඩුපාඩුව නැතිකර ගන්න තිත්ත නැතිව කරවිල කෑමට ගත හැකි ක්‍රම ගණනාවක් තියෙනවා.

* රන් රස සේ පැණි රසයි තිත්ත රසයි පෑහෙන එක අවස්ථාවක් කරවිලවලට සීනි හෝ හකුරු එක් කිරීම. ළිප තැබීමට පෙර කරවිලවලට හකුරු හෝ සීනි ඉසින්න.

පැණි රසෙන් තිත්ත සමබර වෙනවා.

* අර්තාපල් , ලූනු වැනි එළවළුවක් සමඟ කරවිල පිසීමෙන් ද තිත්ත ගතිය මට්ටු කරන්න පුළුවන්.

* පිසීමට පෙර ලුණු වතුරේ මිනිත්තු දෙක තුනක් තැම්බීම තවත් ක්‍රමයක්.

2019/07/03 තරුණි බලන්න

No comments:

Post a Comment