නව යෞවනයේ උපන් දින අසිරිය රසගන්වන්නට

ජූලි 31, 2019

 

නව යෞවනය කියන්නේ ජීවිතේ දඟකාර, හැඩකාර වයසට. මේ වයසට දරුවන්ගේ සිතුම් පැතුම් දවසින් දවස වෙනස්වන කාලයක්. ඒ වගේම ඔවුන්ගේ කෑමබීම පවා තරමක් වෙනස්වෙනවා.

 

කටට රසට කන්න කැමැති මේ නව යෞවන වයසට තරමක් වෙනස්ම ආකාරයේ කෑම තමයි ඔවුන් සොයන්නේ. බටහිර පන්නයේ කෑමබීම වගේම, පෝෂණයෙන් යුතු කෑමවලට ඔවුන්ගේ කැමැත්ත නිතරම යොමුවන නිසාම මෙවර කෑම අතිරේකය වෙන්වන්නේ ඔවුන්ගේ රුචිකත්වය සපුරාලන්නටයි.

ඔබත් ඔබේ දඟකාර නව යෞවනයේ සිටින දුවට පුතාට මෙවැනි

කෑමක් සාදා දෙන්න. ඔවුන් එයින් ලබන සතුට තරු පහේ

හෝටලයක කෑමකින් ලබනවාට වඩා වැඩි වේවි.

 

චිකන් සැලඩ් සැන්ඩ්විච්

 

 

(සැන්ඩ්විච් 6 ක් සඳහා)

 

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

පෙති කැපූ පාන් ගෙඩි 1 ක්

බැදගත් චිකන් (කුඩා කැබලි කපාගත්) කෝප්ප 2 ක්

මෙයොනෙස් සෝස් කෝප්ප 1/2 ක්

යෝගට් මේස හැඳි 1 ක්

ග්‍රේට් කරගත් කැරට් කෝප්ප 1/2 ක්

සිහින්ව කපාගත් ලූනු ගස්

කෝප්ප 1/4 ක්

සිහින්ව කපාගත් ලූනු කෝප්ප

1/4 ක්

කුඩාවට කැපූ සැල්දිරි

දඬු 1 - 2 ක්

අබ ක්‍රීම් තේ හැඳි 2 ක්

සිහින් තීරු කැපූ සලාද කොළ කෝප්ප

1/2 ක්

බටර්

ලුණු ගම්මිරිස්, රස පදමට

 

සාදන ක්‍රමය

මුලින්ම භාජනයක් ගෙන එයට බැදගත් චිකන්, ලූනු, ලූනු ගස්, ග්‍රේට් කරගත් කැරට්, සලාද කොළ, යෝගට්, සැල්දිරි, මෙයොනෙස්, අබ ක්‍රීම් සහ ලුණු, ගම්මිරිස් රස පදමට එක්කර පොඩි නොවන සේ හොඳින් කලවම් කරගන්න.

 

පසුව පාන් පෙතිවල බටර් ආලේප කර සාදාගත් මිශ්‍රණයෙන් දමා කැමැති හැඩවලට කපා සංග්‍රහ කරන්න.

 

 

 

සටහන 

ද දුමින්ද කාරියවසම්

 

2019.07.31තරුණි බලන්න............>>

 

 

No comments:

Post a Comment