බේබි කෝන් විත් චිකන්

මාර්තු 18, 2020

අවශ්‍ය ද්‍රව්‍ය

කටු රහිත චිකන් ග්‍රෑම් 500 ක්

බේබ් කෝන් ග්‍රෑම් 200 ක්

බ්‍රොකලි ග්‍රෑම් 150 ක්

රතු බෙල් පෙපර් ගෙඩියක්

රතුලූනු ගෙඩි 5 ක්

සිහින්ව ලියාගත් ගත් සුදුලූනු, ඉඟුරු මේස හැඳි 2 ක්

ඉදුණු මිරිස් කරල් 5 ක්

ස්ටොක් වතුර කෝප්ප 1 ක්

තක්කාලි සෝස් මේස හැඳි 2 ක්

කෑලි මිරිස් තේ හැඳි 2 ක්

කහ තේ හැඳි 1/2 ක්

තෙල් මේස හැඳි 4 ක්

ලුණු, ගම්මිරිස් රස පදමට

 

සාදන ක්‍රමය

මුලින්ම චිකන් කැබලි ලෙසත්, බේබි කෝන් දික් අතට ද කපා ගන්න. චිකන් කැබලිවලට වතුර එක්කර එයට ලුණු ස්වල්පයක් එක්කර තම්බාගන්න.

භාජනයක් ළිප තබා තෙල් මේස හැඳි 2 ක් එක්කර රත් වූ පසු එයට තම්බාගත් චිකන් එක්කර එයටම ලුණ, ගම්මිරිස් සහ කහ කුඩු දමා මිශ්‍රකර මිනිත්තු 5 ක් පමණ බැද වෙනත් භාජනයකට දමා ගන්න.දැන් නැවත එම භාජනයටම ඉතිරි තෙල් මේස හැඳි 2 ත් එක්කර එයට ලූනු, ඉඟුරු, සුදුලූනු, රතුලූනු, බ්‍රොකලි, බේබිකෝන් බෙල් පෙපර් එක්කර මිනිත්තු 2 ක් පමණ බැද එයටම ස්ටොක් වතුර දමා හොඳින් මිශ්‍ර කරන්න.

ඉන්පසු එයට තක්කාලි සෝස්, ඉදුණු මිරිස් සහ පෙර බැදගත් චිකන් කැබලි එක්කර කලවම් කරන්න. එය හිඳෙන තුරු පිස කෑලි මිරිස් එක්කර කලවම් කර ළිපෙන් ඉවතට ගෙන උණුසුම්ව සංග්‍රහ කරන්න.

 

උපදෙස්

රුවන්වැල්ල වෝ කේටර්ස් හි

ප්‍රවීණ සූපවේදිනී

සකුන්තලා කරුණාරත්න

 

2020/03/19 තරුණි බලන්න 

No comments:

Post a Comment