ලේ වඩන ආහාර වලින් නීරක්තිය වළකමු

මාර්තු 11, 2020

 

Spinach Sauteed

ඇඟේ ලේ අඩු අයට නිවිතිවලින් හොඳින්ම ඒ බව මඟහරවා ගන්නට පුළුවන්. ඒ නිවිතිවල යහමින් යකඩ ඇති නිසා. නිවිති අඩංගු ආහාර ගැනීමෙන් හිමොග්ලොබින් වර්ධනය වැඩිකර ගැනීමට මෙන්ම සිරුරේ පිළිකා වර්ධනය අවම කරගන්නත් පුළුවන්.

නිවිතිවල පෝෂණය රැකෙන පරිදි ආහාර පිස ගැනීමයි වැදගත්. මේ නිසා වැඩිවේලාවක් නොපිසින ආහාර ගැනීමට හැමවිටම උනන්දු වන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

නිවිති ග්‍රෑම් 250 ක් (දික් අතට තීරු කපාගන්න)

තළාගත් සුදුලුනු මේස හැඳි 1ක්

තළාගත් ඉඟුරු මේස හැඳි 1/2 ක්

ලූනු ගෙඩි 1 ක් (කොටු කපාගත්)

ඔලිව් ඔයිල් මේස හැඳි 2 ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්

ලුණු තේ හැඳි 1 ක්

සෝයා සෝස් මේස හැඳි 1/2 ක්

සාදන ක්‍රමය

භාජනය ළිප මත තබා එයට ඔලිව් ඔයිල් දමාගන්න. තෙල් රත්වද්දී ඉඟුරු, සුදුලූනු, ලූනු දමා තෙම්පරාදු කරගන්න. (රන්පැහැ වන තුරු බැදීම ප්‍රමාණවත්) ඉන්පසු නිවිති එකතුකොට කලවම්කර විනාඩි 2-3 ක් පමණ ළිප මත මඳගින්නේ තබන්න. ළිපෙන් බාගැනීමට ප්‍රථම ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, සෝයා සෝස් එකතු කරන්න.

 

උපදෙස්

ප්‍රවීණ සූපවේදිනී දුෂ්‍යන්ති මදනායක

 

2020/03/11 තරුණි බලන්න

No comments:

Post a Comment