ඇයව පුදුම කරවන්නට කේක් එකක්

මාර්තු 11, 2020

කාන්තා ලාලිත්‍ය සහ ඇගේ අවිහිංසකත්වය පිළිබිඹු කෙරෙන අපූර්වතම කේක් එකකි මේ. නිවෙසේ සිටින ඇයව පුදුම කරවන්නට මෙවැනි කේක් එකකට පුළුවන් වේවි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

විෂ්කම්භය අඟල් 9.5 ක් වූ රවුම් හැඩයේ

බටර් කේක් එකක්

සුදු පාට බටර් අයිසිං ටිකක්

සුදු පැහැ ෆොන්ඩන්ට් අයිසිං ග්‍රෑම් 700 ක් පමණ

කළු, තද රෝස, ළා රෝස යන වර්ණවලින්

ෆොන්ඩන්ට් අයිසිං ටිකක්

රන් පැහැ Edible beads ( වෙළෙඳ පොළෙන් මිලදී ගත හැකියි)

 

සාදන ක්‍රමය

මුලින්ම කේක් එක බේස් එක මත තබා බටර් අයිසිංවලින් සම්පූර්ණයෙන්ම ආවරණය කරගන්න. දැන් තුනී කරගත් සුදු පැහැ ෆොන්ඩන්ට් අයිසිං ෂීට් එකගෙන කේක් එක මතට දමා කේක් එක වටේට වැඩිපුර ඇති කොටස් සියල්ල කපාදමන්න.

කළු පාට ෆොන්ඩන්ට් අයිසිං කුඩා කොටස් කිහිපයක් ගෙන ඒවා රෝල් කරමින් මහත කෝඩ් තුනක් සාදාගන්න. ඒවා රූපයේ පෙනෙන ආකාරයට කේක් එක මත කොණ්ඩය ලෙස තබන්න. පෙර පරිදිම සිහින් කෝඩ් දෙකක් සාදාගෙන ඒවා මුහුණේ හැඩය ලැබෙන ලෙස අලවා ගන්න. ඇහි පිහාටු, ඇහි බැමත් ෆොන්ඩන්ට් අයිසිංවලින් කපා අලවාගන්න. තද රෝස පැහැ අයිසිංවලින් තොල්පෙති කපා අලවා ගන්න. මේ සඳහා කටර් එකක් භාවිත කළ හැකියි.

ඉන්පසු රෝස පැහැ අයිසිං කොටස් දෙකම ගෙන ඉන් ලොකු, මධ්‍යම සහ කුඩා ප්‍රමාණයේ කටර් එකකින් මල් කපාගන්න. ඒවා කොණ්ඩය අතරින් තබා අලංකාර පරිදි සරසා ගන්න. මල්වල මැදින් edible beads  තබා අලංකාර කරගන්න. රන් පැහැ පාට edible beads ගෙන කරාබුව සකසා ගන්න.

 

 

ඉදිරිපත් කිරීම

කේක් නිර්මාණ ශිල්පිනී

මයුරංගි සිල්වා

 

 

2020/03/11 තරුණි බලන්න

No comments:

Post a Comment