විවාහ මංගල්ලෙට කප් කේක්

නොවැම්බර් 27, 2019

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් ග්‍රෑම් 250 ක්

සිනි ග්‍රෑම් 250 ක්

පිටි ග්‍රෑම් 250 ක්

බිත්තර 4 ක්

කිරි පිටි මේස හැන්දක්

බේකිං පවුඩර් තේ හැඳි 2 ක්

වැනිලා තේ හැඳි එකක්

 

සාදන ක්‍රමය

පළමුව බටර් හා සීනි බඳුනකට දමා හොඳින් බීට් කරන්න. ඉන්පසු එයට බිත්තර එකින් එක දමමින් බීට් කරන්න. පසුව පිටි, බේකිං පවුඩර් සහ කිරි පිටි එකට දමා තෙවරක් හළාගන්න.

දැන් ඉහත බීට් කරගත් මිශ්‍රණයට පිටි එකතුකර කලවම් කරන්න. එයට වැනිලා ද එකතු කරන්න. පසුව ට්‍රේ එකක් ගෙන එයට කප් කේක් කොළ දමා ඒ මතට කප් එකකින් 3/4 ක් පමණ පිරෙණ ලෙස මිශ්‍රණය දමන්න. පසුව සෙල්සියස් අංශක 175 - 200 උෂ්ණත්වයෙන් විනාඩි 30 ක් පමණ බේක් කරගන්න. දැන් කේක් එක අයිසිං කරගනිමු. ඒ සඳහා ඔබට කැමැති වර්ණවලින් බටර් අයිසිං සාදා ගන්න. ඉන්පසු නොම්බර 12 නොසලයට ඔබට කැමැති වර්ණවලින් බටර් අයිසිං දමා දඟරයක් ආකාරයට අයිසිං කරගන්න. ඒ මත ඇති රතු මල නොම්බර 30 නොසලයෙන් අයිසිං කරන්න.

ඒ ආකාරයට මෙහි ඇති අනෙක් කේක් ද අයිසිං කරගෙන තිබේ. ඒ සඳහා 1ර්,1ච් සහ 104 යන නොසල් භාවිතකර තිබේ.

 

උපදෙස්

ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

නදීකා දිල්රුක්ෂි

 

2019/11/27 තරුණි බලන්න

No comments:

Post a Comment